සුභ නැකතට, මීගමුව සමුපාකාරය, 2025 ට වැඩ අරඹයි

0
277

සම්මානනීය වූ සමුපාකාර සේවාවක්  තුළින් ඉසුරුමත් ජනසමාජයක් ” නැමැති දර්ශනය පෙරදැරි කරගත් සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතිය එළඹුණු 2025 නව වසර වෙනුවෙන් බෞද්ධ සහ කතෝලික ආගමික වතාවන් පෙරදැරිව සිය රාජකාරී කටයුතු ආරම්භ කලහ. ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව චිරාගත සම්ප්‍රදායනුකූලව  සමූපාකාර පරිශ්‍රයේදී ජනවාරි 01 වැනි දින පෙරවරුවේදී මෙලෙස නව වසර සඳහා වැඩ ඇරඹීමේ මෙම විශේෂ උත්සවය පැවැත්විණි.

මෙම  උත්සවය සඳහා ගරු සභාපතිනි එම්.එම්.සී.යූ. සමරකෝන්, උප සභාපතිනි කේ.පී. චන්ද්‍රකාන්ති, අධ්‍යක්ෂක ඩබ්.සී.පී.ඩයස්, සාමාන්‍යාධිකාරී මංජුල ප්‍රදීප්, ලේකම්, නිල්මිණි ද සිල්වා, ඝනකාධිකාරිනී ශිවන්ති පීරිස්,  කළමනාකාරීනි, පී.බී සඳරුවනි,  ව්‍යාපෘති කළමනාකරු, සංජීව ප්‍රසාද් සහ සාමාජික ප්‍රජා සංවර්ධන පුහුණු කිරීමේ නිලධාරිනී, ශානිකා නිල්මිණි  මිරැන්ඩෝ යන මහත්ම මහත්මීන් ඇතුළු එම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්  සහභාගි වුහ.

WhatsApp Image 2025 01 03 at 15.52.25 99212620 WhatsApp Image 2025 01 03 at 15.52.28 c916618f WhatsApp Image 2025 01 03 at 15.52.27 74c70cac WhatsApp Image 2025 01 03 at 15.52.27 b893a576 WhatsApp Image 2025 01 03 at 15.52.26 d4a9161f

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here