‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’

0
95

kidney-transplant-250x250වකුගඩුවක් පරිත්‍යාග කිරීම සදහා වන නව කාඩ්පතක් හදුන්වා දීමට රජය කටයුතු කර තිබේ.

‘සුරකින්න තව වටිනා ජීවිතයක්, කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්’ යන තේමාව යටතේ ජීවිතයක් බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමේ නව ජාතික ප්‍රතිපත්තිය හදුන්වා දෙමින් ඒ සඳහා වන කාඩ් පත හඳුන්වා දී ඇත.

මාර්තු 10 දිනට යෙදෙන ලෝක වකුගඩු දිනයට සමගාමීව මෙම හදුන්වාදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් 08 අගහරුවාදා  සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී  සිදුවු බවයි රජය පවසන්නේ.

මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ  කිසියම් අනතුරකින් මොළය මියගිය තැනැත්තන්ගෙන් වකුගඩු ලබාගැනීමේ ක්‍රමවේදය බවයි රජය අවධාරණය කරන්නේ.

ඕනෑම පුද්ගලයකුට කැමැත්ත පළ කරමින් මේ පරිත්‍යාගයට දායක විය හැකි අතර  මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වකුගඩු රෝගය රටතුළ බරපතල තත්වයක් මතුකර තිබෙන අතර වසරකට වකුගඩු රෝගීන් 5000ක් පමණ අලුතින් එක්වන බව එහිදී  සදහන් කර ඇති වෛද්‍ය පාලිත මහීපාල අවධාරණය කර ඇත්තේ වකුගඩු රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධය යන ප්‍රධාන ක්‍රම ප්‍රතිකාර සඳහා සිදු කෙරෙන බවත් වකුගඩු බද්ධ කිරීම සාර්ථක වුවත් වකුගඩු සොයාගැනීමේ දී විවිධ ගැටළු තිබෙන බැවින් මෙම ක්‍රමය ඔස්සේ රෝගීන්ට අවශ්‍ය වකුගඩු ලබාගැනීමට බලාපොරොත්තු  වන බවයි.

කාඩ්පත හදුන්වාදීමේ අවස්ථාවට වකුගඩු රෝගය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යනාදීන්  ඇතුළු විශේෂඥ වෛද්‍යවරු රැසක් සහභගී වී තිබේ.

radiogagana.com