සුරතල් මසුන් හදන්න කලින් මේ ගැන අනිවාර්යෙන් දැන ගන්න.

0
551

 

Generic placeholder image

සුරතලයට වගේම අලංකාරයට මාළු ඇති කරන එක දැන් සුලභ දෙයක්. සුරතල් මසුන් දිහා බලාගෙන ඉන්න එක හොද මානසික ව්‍යායාමයක්. හැබැයි ඉතින් ආසාවට තිබ්බට ආවට ගියාට මාළු ඇති කරන්න බෑ.

බල්ලෙක් පූසෙක් හදනවා වගේම ගොඩක් දේවල් තියෙනවා දැන ගන්න ඕන. විශේෂයෙන්ම සුරතල් මසුන් දමන ටැංකිය හරියට තියෙන්න ඕන. සමහරු මාළු ටැංකිය ලස්සන වෙන්න කියලා එක එක දේවල් දානවා. ඒ නිසා මාළුන්ට හානි වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මාළු ටැංකියකට ඔබ නොදැමිය යුතු දේවල් 10 ක් .

1. ප්ලාස්ටික්
නොයෙක් ආකාරයේ ප්ලාස්ටික් වලින් සෑදූ විසිතුරු දේවල් මත්ස්‍ය ටැංකි තුළ දිගුකාලීනව තිබීම නිසා ඒවා මගින් විවිධ විශ වර්ග නිර්මාණය වේ.

2. සෙරමික්
අනුමත කර ඇති සෙරමික් වර්ග ටැංකි වලට දැමීමට සුදුසු වේ. එවැනි සෙරමික් වර්ග dinnerware safe ලෙස නම් කර ඇත . එසේ නොමැති සෙරමික් වර්ග ටැංකි සදහා සුදුසු නැත.

3. ආහාරයට ගත හැකි ගල් වර්ග වැනි දේවල් .
මසුන් නිතරම ආහාර ගැනීමට කැමැත්තක් දක්වන නිසා,
සැපීමට හැකි ගල් වර්ග වැනි දේ ටැංකි තුළ දැමීම නිසා මසුන් ඒවා ආහාරයට ගැනීම මගින් ඔවුන් රෝගී වීමට ඉඩ ඇත .

4. ලී වර්ග
විල් කොට ටැංකි වලට සුදුසු වන අතර ටැංකි තුළ දැමීමට සුදුසු ලෙස සකසා නැති කොට වර්ග ටැංකි වලට සුදුසු නොවේ.

5. මුහුදු වැලි.
සාමාන්‍ය මසුන් සිටින ටැංකි තුලට මුහුදු වැලි දැමීම නිසා ඒවා මසුන්ට විශ වීමට ඉඩ ඇත .

6. සිප්පි , කොරල් වැනි මුහුදේ ඇති ද්‍රව්‍ය
මෙවැනි දේ මගින් ජලයේ කැල්සියම් නිපදවෙන අතර සාමාන්‍ය ජලයේ මසුන්ට ඒවා අවශ්‍ය නොවේ. මේවා මගින් ජලයේ ph තත්ත්වය ද වෙනස් වේ.

7. අනවශ්‍ය ද්‍රව්‍ය
මසුන් සඳහා යොදන ආහාර මේ අතර ප්‍රධාන වේ. මේවා වැඩි වේලාවක් ටැංකිය තුළ තිබීම නිසා ජලය අපවිත්‍ර වීම මෙන්ම විශබීජ ඇති වීමද සිදු වේ.

8. දෑත්
ඔබගේ දෑත් වල ක්‍රීම් හෝ තෙල් වර්ග වැනි දෑ තැවරී ඇති විට ටැංකිය තුළ දෑත් දැමීමෙන් ඒවා ජලය හා මිශ්‍ර වී මසුන්ට අහිතකර තත්ව ඇති විය හැක . ටැංකිය තුළ දෑත් දැමීමට පෙර අත් සබන් වලින් සෝදා සබන් හොදින් ඉවත් වනතුරු දෙවරක් පමණ පිරිසිදු ජලයෙන් සෝදන්න.

9. මුවහත් ද්‍රව්‍ය
විසිතුරු ගල් ලෙස සකසා ඇති වීදුරු කැබලි වැනි ද්‍රව්‍ය ටැංකි තුළ දැමීම සුදුසු නැත. ඒවා සඳහා යොදා ඇති වර්ණ මසුන්ට අහිතකර වන අතර එවැනි මුවහත් ද්‍රව්‍ය නිසා මසුන් තුවාල වීමට ඉඩ ඇත.

10. ටැංකි ප්‍රමානයට නුසුදුසු මසුන් ප්‍රමාණයක් දැමීම .
මේ මගින් මසුන්ගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වන අතර මසුන් මිය යාමටද ඉඩ ඇත .
24.siyathafm.lk/