සුවය ලැබු ආසාදිතයන් ගණන 1619 ක් දක්වා ඉහලට,ඉන් 820ක් නාවික හමුදා සාමාජිකයන් …

0
56

Navy 1අද (26) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1619 ක්.

මේ අතර මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2010ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (25) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඉන් රෝගින් 06 දෙනකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසක්.

අනෙක් තිදෙනා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටි මුහුදු ආරක්ෂකයින්.

මෙරට නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් තවත් 09 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 820 දක්වා අද ඉහළ ගියේය.