සුවිසල් දෙමහල් නිවසක් තුල කසිප්පු ස්කාගාරයක් ?

0
289

මැල්ලවගෙදර ප්‍රදේශයේ තාප්පවලින් වට වූ සුවිසල් දෙමහල් නිවසක හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු සමග රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා දේපළ අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය කියයි .

img 20240926 wa00246119834174825486134
img 20240926 wa00237853487522577774006
img 20240926 wa00264698046958213269196

පොලිසියට ලත් තොරතුරක් මත අද සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ගෝඩා බැරල් පනහක්, පෙරන ලද කසිප්පු ස්ප්‍රීතු බෝතල් 45 බැගින් අඩංගු වූ කෑන් දොළහක් සීනි මිටි දහයක් ඊස්ට් පැකට් හැට හතරක් ගැස්සිලින්ඩර් නවයක් සමග පෙරීමේ උපකරණ රැසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
දැවැන්ත දෙමහල් නිවස දිනකට රුපියල් 5000.00 බැගින් වූ කුලි පදනම මත ලබා ගෙන මෙම ජාවාරම මසකට වැඩි කලක් සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණයේදී හෙලිවී තිබේ.
බිම් මහලේ සාලය ඇතුළු කාමර යොදාගෙන කසිප්පු පෙරීම සිදුකර ඇති අතර නිවෙස හිමිකරු හා භාර්යාව ඉහළ මාලයේ කල් ගත කරන බව පොලිසිය කියයි .නිවස හිමිකරු රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් බවද අනාවරණය වී ඇත .
අත්අඩංගුවට ගෙනම සැකකරුවන් ගනේගොඩ මැල්ල වගෙදර හලාවත පෙදෙස් වල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ .
මෙම ජාවාරම පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ගනේගොඩ පදිංචිකරුවකු බවද ඔහු මීරිගම ප්‍රදේශයේ ආන්දෝලනාත්මක සිද්ධීන් වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ කසිප්පු ජාවාරම්කරුවකුගේ සමීප හිතවතෙකු බවද පොලිසිය සඳහන් කරයි .
මීගමුව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරි සෙනරත් එදිරිසිංහ මහතාගේ මෙහෙයුම යටතේ කොට දිනියාවක් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර කෝණාර දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය පොලිස් සැරයන් වරු වන 45417රංජිත් , 25461රණසිංහ ,15891හේ රත් ,29151ප්‍රසාද , 10088 පතිරණ ,25485 ප්‍රේම සූරිය , පොලිස් කොස්තාපල්වරුන් වන 82804කුමාර , 71863එදිරි සිංහ ,90578බණ්ඩාර ,102312අජිත් , 77762 එරංග,91885 රාජපක්ෂ සමග බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සැරයන් 36364 අනිල් ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක් වූහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here