සුව නොවූ NEXT සේවිකාවන් මීගමුව රෝහල විසින් ඉවතට දැමුවේ අැයි? ?

0
44

සැප්තැම්බර් මස 05  වනදා NEXT ආයතනයේ සේවය කළ කම්කරු සේවිකාවන් 150  කට ආසන්න සංඛ්‍යාවත් කිසියම් අසාත්මිකතාවයකින්  පසු මිගමුව රෝහලට ඇතුළත් කරන ලදී. මෙම රෝගාතුරවූ සේවකයන් දෙදෙනෙකුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නට සිදුවූ අතර ඉන් එක් කාන්තාවක් ඊයේ 08 වනදා මිය ගියේය. 08 වනදා සවස් වන විට කිසිදු සේවකයෙක් හෝ සේවිකාවක් මීගමු රෝහලේ ප්‍රතිකාර නොලැබූ අතර රෝහල් බලධාරීන් විසින් ටිකට් කපා තිබුණ බව වාර්තා වේ. එසේ ටිකට් කපාගෙන ගොස් ඇති සේවිකාවන් අද දිනයේ නැවත රෝහලට ඇතුළත් වූ අතර ඔවුන් සම්පූර්ණ සුවය නොලබා ඇති බව ඉන් පැහැදිලි වේ. මෙම සිදුවීමෙන් පසු තොරතුරු සොයා බලන විට අපට සේවක පාර්ශවයෙන් වාර්තා වන්නේ මීගමුව රෝහල විසින් සේවිකාවන්ගේ ටිකට් කැපීම ඉක්මන් කර ඇති අතර , දැඩිසත්කාර ඒකකයේ සිටි රෝගියාවද සම්පූරණ සුවයක් නොමැති තත්ත්වයකදී ටිකට් කපා යවා ඇති බවයි. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක සාමාජිකාවක් පැවසූවේ ටිකට් කැපූ සේවිකාවන්ට හරියට තවම ප්‍රකෘති සූවයක් නොමැති ව ඔවුන් අප්‍රාණික ස්වරූපයෙන් පසුවූ බවයි. ඔවුන් ලේ වමනය කළ බවද ඔවුන් පවසති.
මීගමුව රෝහල විසින් මෙසේ සේවිකාවන්ගේ ටිකට් කැපීම ඉක්මන් කර ඇත්තේ අසාධ්‍යව සිටි සේවිකාවගේ මරණයෙන් පසුව බවද ඔවුන් චෝදනා කරති.  කෙසේ වුවත් මේ වනවිට නැවතත් අද පෙරවරුවේදී  සේවිකාවන් 12 දෙනෙකු සහ සේවකයන් 2කු මීගමුව රෝහලට පැමිණ තිබුණේ ප්‍රතිකාර ලබනු පිණිසය.
FTZ 5