සුහද සේවා එකට යළිත් කොරෝනා අවදානමක් ?

0
91

මීගමුව සුහද සේවා සුපිරි වෙළද සැල දෙවන කොරෝනා රැල්ල හමුවේ පුවත් මවා තිබුනේ එහි පාලකයන්ගේ අදුරදර්ශි ක්‍රියාපිළිවෙත් සේවක මණ්ඩලයෙන් විශාල පිරිසකට කොරෝනා බෝ කිරිමට පසුබිමක් සකසා දෙමිනි.
මුදල,ලාභය මුල් තැනක ලා සේවක ජිවිත සමගින් එදා එක්තරා පාලකවරියක් සූදු කෙළිමින් සිටියේය .
දැන් තවත් අවධානමකි.
එනම් සුහද සේවා සුපිරි වෙළද සැල තුල බඩු කිරුම් අංශයේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙසින් මේ වන විට හදුනාගෙන ඇති අතර ඔහු රෝගි තත්වයන් එසේම තිබියදි දින කිපයක්ම එම අංශයේ සේවය කර ඇතැයිද සැලය.
මේ තරුණ සේවකයා රාජකාරිය සදහා පැමිණෙන්නේද කාර්යාලිය වෑන් රථයක බවද වැඩිදුරටත් සදහන් වේ