සුළි කුණාටුවකින් කටුවාපිටියට දැඩි හානි ! නගරාධිපති දයාන්ගේ නිවසේ වහලයත් ගැලවි යයි !

0
324

wind 1අද දින සවස් වරුවේ විනාඩි කිපයක් තුල ඇතිව තිබුණ කුණාටු තත්වයක් හේතුවෙන් මිගමුව නගරාධිපති දයාන් ලංසා පදිංචිව සිටින නව නිවහනේ වහලය ගැලවි ගොස් දැඩි අලාභ හානි සිදුව ඇතැයි වාර්ථා වේ.
පැති කිපයකින් යුත් මේ වහලය ගැලවි  නිවෙස් අනෙකුත් වහල කොටස් මත වැටිම නිසාය හානිය තවත් බරපතල වි තිබේ.
ඇද හැලුන මහවැසිද හේතුවෙන්  බරපතල අපහසු තත්වයකට ඒ නිවැසියෝ   පත්ව සිටිති.
මේ අතර මිගමුව  මහනගර සභාවේ දේපල රැසකටද හානි රැසක් සිදුව තිබේ.කොමසාරිස්වරයා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසේ මතට ගසක් ඇද වැටිමෙන් සිදුව ඇති හානිය බරපතලය. එමෙන්ම වාහන මතට මෙන්ම තවත් ගොඩනැගිලි වලටද හානි සිදුව තිබේ.
මේ සුළි කුණාටුවෙන් කටාන  ආසනයට  අයත් දිවුලපිටිය  පාරේ  සිට  කටුවපිටිය  පල්ලියට  යන  පාරේ  මහගස්  කඩා වැටීමෙන්   සහ  විදුලි  පහන්  කනු  කඩා  වැටීමෙන්   එම  ප්‍රදේශයේ  ජනතාව  ඉමහත්  පීඩාවට  පත්වී  ඇත.   මෙම  සිද්ධිය  සිදුවීමට  ගතවී  ඇත්තේ  විනාඩි  5ක  පමණ  කෙටි  කාලයකි.  වාහන  තදබදය  නිසා  පාරේ  ගමන්  කිරීම  අපහසුවී  ඇති  අතර   ප්‍රදේශ  වාසීන්  පවසන්නේ  ඉක්මනින්  මෙම  ගස්  කපා  ඉවත්  නොකළහොත්    ඒවා  පිරිසිදු   කිරීම   සඳහා  නත්තල්  උත්සව  සමය  බැවින්  අදාල  ආයතන  මැදිහත්  නොවියහැකි  බවයි.  මේ  අනුව  ඔවුන්  පොලීසියේ  හදිසි  ආපදා  අංශයට,  විදුලිබල  මංඩලයට  සහ  වෙනත්  අදාල  ආයතනයන්ට  දුරකථන  මාර්ගයෙන්   දැනුම්  දී  ඇත. විදුලිබල  මජඩලය  පැමිණ  තාවකාලිකව  විදුලිය  ලබාදීම  උදෙසා   ක්‍රියාත්මක  වනු  දැකිය  හැකි  විය.  නමුත්  ඉතිරි  කටයුතු  සඳහා  කොතරම්  කාලයක්  ගන්නේද  යන  අවිනිශ්චිත  තාවයෙන්  මේ  ජනතාව  පසුවෙති.