සුළි කුණාටුව ගැන අපට කව්රුත් කිව්වේ නෑ.ධීවරයන්ගෙන් චෝදනා.

0
99

ruf sea 1පෙරේදා රාත්‍රියේ ඇතිවු සුළු කුණාටු තත්වය පිළිබදව කිසිදු බලධාරියෙක් තමන්ව දැනුවත් නොකළ බව මීගමුවේ ධීවරයෝ චෝදනා කරති.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වගකිය යුතු ප්‍රධානතම ආයතනය වුවද මේ අවධානම් තත්වය ගැන කිසිදු පෙර දැනුම් දිමක් සිදුනොකිරිම නිසා අහිංසක ජිවිත රැසකට මරණය කැදවා දි තිබෙන බව මීපුරට කරුණු දක්වා සිටි වැල්ලවිදියේ ධීවර ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේය.
මීගමුවෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙකු අතුරුදහන් වි ඇති අතර මේ එක් අයෙකුගේ මළ සිරරුක් අද (2013.06.09)වෙන්නප්පුවේ තල්දෙක ප්‍රදේශයට ගොඩ ගසා තිබුණි.
ඔහු තවදුරටත් පවසා සිටියේ අඩුම තරමින් නාවික හමුදාව පවා මේ අනතුරු දායක තත්වය ධීවරයන් හට කල් ඇතිව දැනුම් දි තිබුනේ නිකරුනේ විනාශව ගිය ජිවිත විශාල ගණනක් බේරා ගැනිටම හැකිව තිබුන බවය.ඩේලි මිරර් වෙබ් අඩිවිය  අද උදෑසන දක්වා තිබුනේ ධීවරයන් 6 දෙනෙකු මිය ගොස් 43 දෙනෙකු අතුරුදහන් ව ඇති බවය.
මේ අතර ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න අද පවසා සිටියේ මිය ගිය ධිවරයන් ගණන 22 ක් වන අතර . 28  දෙනෙකු තවමත් අතුරුදහන්ව ඇති බවය.
මීගමුව රෝහලට පමණක් අද මෙසේ මිය ගිය ධීවරයන්ගේ සිරුරු 3 ක් රැගෙන විත් තිබුණි.
මේ තත්වය සම්බන්ධයෙන් වෙන්නප්පුව තල්දෙක ප්‍රදේශයේදි අප වාර්ථා කරුවන්ට හමුවු ධීවරයින් පිරිසක් (2013.06.09)අද දින ප.ව.1 ට පමණ පවසා තිබුනේ ඔවුන් ඒ අවස්ථාවේදි ද මුහුදේ පාවෙමින් ඇති කොඩියක් වැනි සලකුණක් පිළිබදව නාවික හමුදාවට දැනුම් දිම සදහා පැමිනි බවය.
මේ ධීවරයන් විසින් තහවුරු කර සිටියේ කිසිදු බලධාරියෙකුගෙන් මේ අවධානම් තත්වය ගැන පෙර දැනුම් දිමක් සිදුනොවුන බවය.වෙන්නප්පුවේ ඇති නාවික හමුදා මුරපොලෙන් ඊයේ දවසේද මුහුදු නොයන ලෙසින් ප්‍රදේශයේ ධිවරය සමිති දැනුවත් කර තිබුනද කලින් දා රාත්‍රියේ වු බිහිසුනු තත්වය ගැන ඔවුන් පවා දැනුවත්ව නොසිටි බව අප කළ විමසිම් වලදි තහවුරු විය..