තම සංවිධානයේ කාර්යභාරය අවසන් වී ඇති බැවින් බොදුබල සේනා සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබෙන බව එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමි මේ බව පවසා තිබෙනවා.
සුළු ජාතික ඡන්ද නොමැතිව ආණ්ඩු පිහිටුවිය නොහැකි බවට, නායකයන් පත්කළ නොහැකි බවට දීර්ඝකාලීනව පැවති මතය මේ වනවිට මිථ්‍යාවක් බවට පත්ව ඇති බවත් නිවැරදි නායකත්වයක් බිහි වී ඇති බවත් බොදුබල සේනා මහ ලේකම්වරයා පෙන්වා දෙනවා.
ඉදිරි මහ මැතිවරණයේදී රටට වැඩක් කළ හැකි යහපත් ඇමති මණ්ඩලයක් ද පත්කර ගැනීමෙන් පසු බොදුබල සේනා සංවිධානයේ කාර්යභාරය අවසන් වන බවත් ඒ අනුව මහ මැතිවරණයෙන් පසුව බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින බවත් ඥානසාර හිමි අවධාරණය කරයි.