සුළු ධිවරයන්ට කොකා පෙන්නපු පර්ල් නැවේ වන්දිය ?

0
104

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා අදාල කාල සීමාවේ රැකියාව අහිමි වු ධීවර ජනයාට වන්දි ගෙවීම මුල සිටමේ වැරදි පාරේ යන Jesustoday.lk වෙබ් වාර්තා කර තිබේ.

එහි තුන්වෙනි අදියරේ වන්දි ගෙවීමට අදාල නැවේ රක්ෂණ සමාගම රුපියල් ලක්ෂ නම දහස් එකසිය දහයක් (91000 000) රජයට ලබා දී තිබෙන වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය.

මෙතෙක් වන්දි ගෙවීම සිදුවූයේ දේශපාලන මැදිහත්වීමෙන් පිහිටුවා ඇති ධීවර සමිති හරහා වන අතර එය අදාල ප්‍රදේශවල පැවැති ධීවර සමිති සංවිධානවලට පිටින් අටවාගත් එකක් වේ. මේ සමිති තුළ සිටින ධීවර ව්‍යාපාරිකයන් වැඩි වැඩියෙන් තමන්ට බෙදා ගැනීම සිදු කරන බවටත් කලපු ධීවරයින් ඇතුළු සුළු පරිමාණ ධීවරයින්ට අසාධාරණයක් සිදුවන බවත් මීගමුවේ ධීවර සංවිධාන පෙන්වා දෙති.

සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසා සිටියේ මීගමුව – පානදුර දක්වා වු අදාල ප්‍රදේශයේ ධීවර ජනතාව සැබෑ ලෙස නියෝජනය කරන ධීවර සමිති සංවිධාන සමඟ සාකච්ඡා කර නිසි පරිදි වන්දි ගෙවීමට බලධාරින් වහාම වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවයි.

මෙතෙක් සිදු කළ විනිවිඳ නොපෙනෙන ක්‍රියාවලිය වෙනුවට තුන්වන අදියරේදීවත් නිසි වැඩ පිලිවෙලක් සැකසිය යුතු බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

මේ අතර වාර්තා වන්නේ අදාල රජයේ නිලධාරින් සිදු වූ හානිය පිළිබද නිසි තක්සේරුවක් කරමින් වන්දි ඉල්ලීමේ ක්‍රියාවලිය සිදු කර නැති බවයි. එකී වරද සදහා රාජ්‍ය නිලධාරින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ධීවර සංවිධානවලට පවා අයිතියක් ඇත.

බත් ඇති තැනටම කොස් බෙදිමේ අසාධාරණයෙන් වැළකි ධීවර මුදලාලිලාට වැඩි පංගුව බෙදීම වෙනුවට සුළු පරිමාණ ධීවරයාට සාධාරණයක් ඉටු කිරීම වහා සිදු කළ යුතු බව Jesustoday.lk අවධාරණය කරයි.

මේ අතර මේ වන්දි කතාව අස්සේ වැඩියෙන්ම පිඩාවට පත්වු ධිවර ප්‍රජාව වන්නේ පාරම්පරික තෙප්පම් ධීවරයන්ය…

නැව ගිනි ගැනිමත් සමඟින් පනවා තිබු තහනම් සිමාව තුල වැඩිම පිඩාවට පත්වු පිරිස වි තිබුනේද තෙප්පම් ධීවරයන්ය.එමෙන්ම කලපු ධීවරයන්ටද නිසි වන්දියක් ලබා නොදි කොන් කිරිමට අදාල වගකිවයුත්තන් කටයුතු කර තිබුණි.