සූට් මහගෙන ,කිරිබත් හදාගෙන හිටපු මිගමුවේ  ලොක්කට ඊයේ මොකද වුනේ?

0
403

මැතිවරණ නිති රිතිත් උල්ලංඝනය කරමින් ආයේමත් ලොක්කන්ට අදින්න හිතන් හිටපු මිගමුවේ දේශපාලකයෙකුට ඊයේ මරු වැඩක් වුනා.

එයා හිතල තිබුනේ ආයේත් නගරාධිපති වගේ රඟන්න කාලයක් ලැබෙන්න යන්නේ කියල.

ඉතින් මෙයාගේ ගෝලබාලයන් කිරිබත් උයාගෙන බලන් හිටියේ ආයේමත් තමන්ගේ නගරාධිති ලොක්ක පුටුවේ වාඩි වෙයි කියල.

ආණ්ඩුකාරතුමන් මේ විදියේ අලුත් ව්‍යුහයක් හදන්න යෝජනා කරල තිබුනත් ඒකට තදින්ම විරුද්ධ වුන මැතිවරණ කොමිසම ගාල්ලේ පළාතට දැඩි ලෙස අවවාද කරල තිබුනලු.

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වලින් මිගමුවේත් තවත්  දෙපොලකත් විතරය මේ රැඟිල්ලට සුදානම් වෙලා ඉදල තියෙන්නේ.

හැබැයි ඊයේ උදේ වෙනකොට මේක  අවුලක් වෙයි කියල හිතල ලොක්කා පස්ස ගහල .අන්තිමට කිරිබත් හදාගෙන ලොක්කව පිලිගන්න හිටපු අයටම කිරිබත් ටික කන්න වුනාලු.

ආ තවත් කතාවක් මිට කලින් නගරේ ලොකු තානාන්තරයක්    දරපු කෙනෙකුත් ඊයේ නගර සභාවට ඇවිත් හිටියලු.

මේ ගැන අපි අහපුවම නම සදහන් කරන්න ඇකමැති වුන නාගරික මන්ත්‍රී කෙනෙක් කිව්වේ කාරක සභා පත් කිරිමේ සුදානමකුත් තියෙන කියල කලින් ආරංචි වුන හින්ද  , ඒ එකක සභාපති කමක් ගන්න තිබුන   ආසාවත් හින්ද තමයි ඊයේ ඇවිත් උන්නේ කියල..

කොහොම වුනත් මේ වැඩේ ඊයේ උදේ වෙනකොටම අප්සට් වුනා.මේකට  මැතිවරණ කොමිසමත් තදින් හිටියා.මේ නටන්න ගිය නාඩගමට කිසිම ඉඩක් රටේ කොයි නගරයකවත් නෑ කියන පනිවිඩය කන්පිරෙන්නටම අදාල අයට දිල තිබුනලු.

පස්සේ ලොක්ක නොකර සද්දම පල්ලම් බැස්සලු.

වැඩේ මීගමු කියන්නේ නාගරික කොමාසාරිස්වරයත් මේ අලුත් ක්‍රමය වෙනව නම් හොදයි කියල කාමර වල දූවිලි පිහිල පුටු සුද්ද කරල බලන් ඉදලත් තිබුනලු..