සූඩෝල් අළෙවි කළ අයට 25 000 බැගින් දඩ

0
203


පෙබරවාරි 03 වනදා  මත්ද්‍රව්‍ය
වෙනුවට භාවිතා කරන
සූඩෝල්   නමැති වේදනා නාශක ඖෂධය නීති වීරෝධීව අළෙවි කිරීම සහ සන්තකයේ තබා ගැනීම
යන චෝදනා යටතේ මීගමුව පොලිස් ‍ෙකාට්ඨාශ දූෂණ මර්ධන අංශය විසින්
අත්අඩංගුවට ගත් කාන්තාවන් 05 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු  රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලද්දේ මීගමුව හරිශ්චන්ද්‍රපුරයේ සහ කටාන රැක්අත්තන හන්දිය යන ප්‍රදේශ වලිනි.
මෙලෙස  රක්ෂීත බන්ධනාගාරගත කළ සැකකරුවන් පෙබරවාරි 07 වනදා නැවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් පෙර මෙම වරදේම නියළුන සැකකකරුවන්  දෙදෙනෙකුට රු,25000ක් බැගින් ද සෙසු සැකකරුවන් 06 දෙනාට රු. 20 000 බැගින් ද දඩ නියම කර අවවාද කළාය. එහිදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලේ නැවත මෙම වරද සිදුකර අසුවුවහොත් සිරදඩුවම් නියම කරන බවයි. මෙම වැටලීම සිදුකළේ  ගම්පහ දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පරීක්ෂක ,එච්.පියරත්න මහතාගේ සහයෝගයත් සමගිනි.