සෙනඟ අතරට යාගන්න බැරි කාවින්ද කල්ලියේ ෆේස්බුක් Photo දේශපාලනය !

0
81

කාවින්ද ෆෙස්බුක් දේශපාලනමීගමුවේ පමණක් නොව මුලු ගම්පහම දිස්ත්‍රික්කයේමත් , රටේත් ප්‍රගතිශිලි ජනයාගේ මහත් පිළිකුලට ලක්ව සිටින පැරිෂුට් කාවින්ද ජයවර්ධනට සහ එම කල්ලියට  ජනතාව අතර යාගන්නට බැරි තත්වයක් දැන් උදාවි ඇත.
මේ පිරිස දැන් බයෙන් සිටින්නේ ගමට ගියහොත් දෙහිමල්ලවත්තේ ප්‍රතිචාරය ලැබෙනු ඇතැයි කියාය.( පසුගිය දිනක දෙහිමල්වත්ත ගමේ ගෙවල් ගානේ යැමට පැමිණි කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා ඇතුළු කල්ලියට බැන වැදි එජාප ක්‍රියාකාරින් විසින් එලවා දමා තිබුණි.)
මේ පසුබිම යටතේ මේ වන විට මිගමුවට පැරිෂුට් අාකාරයෙන් පත්විම් ලැබු කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයාට මහජන හමු සහ  විධිමත් පිළිගැනිම් සංවිධානය කර ගැනිමට නොහැකිව ඇතැම් පාක්ෂිකයන්ගේ නිවෙස් වලට ගොස් පින්තුර ගෙන මුහුණු පොතේ දමාගන්නා තත්වයකට පත්ව තිබේ.
මේ අය මේ පින්තුරුවලට මුහුණ දෙන්නේ කැමැත්තෙන්දැයි පවා දැන් ගැටළු මතුව තිබේ. එපමණක් නොව ඇතැමුන් රාත්‍රි කාලයේ නිදහසේ සප්පයාම් වන තැන්වලට පවා ගොස් ඒ තැනින්ම අඩි ගසා පින්තුරද ගෙන ගිය මුහුණු පොතේ පළකරගත් අවස්ථා ගැනද දැන් කථා පැතිර යමින් තිබේ. .
මේසේ කාවින්ද ජයවර්ධනලාගේ ෆේස් බුක් photo දේශපාලනය දැන් සමච්චලයකට ලක්වෙමින් තිබේ.
.