(3.12pm)
2017 වසරේ දී කුණාටුවට හසුවූ සෙනුරි බෝට්ටුවේ අනතුර සිදුවී මේවනවිට මාස 5ක් ගතවී ඇත. ආපදාවට ලක්වූ පවුල් පිළිබඳව විමසා බැලූවිට අතුරුදහන් වූ අජිත් කුමාරගේ බිරිඳගේ අක්කා වන මරියා ප්‍රකාශ කලේ මේවනවිට ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයෙන් ලබාදුන් බඩුමල්ලවත් නොලැබෙන බවයි. අසරණභාවයට පත්වූ බිරිඳ සහ පවුලේ සියළු දෙනා යම් සහනයක් බලාපොරොත්තු වුවද කිසිවෙකු ඔවුන්ගේ ප්‍රශ්ණ ගනන් නොගන්නා බවත්, මාස 6කින් පසු මොනවාහරි කළ හැකි බව ධීවර කාර්්‍යාලයෙන් පැවසූ බවත් මරියා අප සමග පැවසීය.
මේ අතර මෙම බෝට්ටුවේ අයිතිකරුට ලක්ෂ 20ක මුදලක් රක්ෂණයකින් ලැබී ඇතැයි ආරංචිවූ බව මරියා තවදුරටත් පැවසීය. මේ පිළිඳබව දැනගැනීම උදෙසා සහකාර ධීවර අධ්‍යක්ෂක ඇමතීමට උත්සාහ කළද එය නිෂ්ඵල විය. නමුත් මාස 6 පසුවූ විට මේ බලධාරීන් කුමක් කරන්නේ දැයි අප බලා සිටිමු