සෙරෙප්පු නැතිව කෝවිල් භූමියට ඇතුල් වූ ආණ්ඩුකාර බිරිද -ද්‍රවිඩ කාන්තාවන්ට මරණ තර්ජනය කරයි

0
103

tamil1නැගෙනහිර  ආණ්ඩුකාරවරයා වන රෝහිත බෝගොල්ල්ාගම මහතාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම  විසින්  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් සාම්පූර් – මූතූර් හි කුණතිව් ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් හා දමිල සම්ප්‍රදායික වන්දනා භුමියක් තුළදී  කෝවිල් භූමියක  සිටින කාන්තාවන් හට නොසරුප් ආකාරයෙන් බැනවැදීමත් , තර්ජනය කිරීමේ  සිදුවීමක්  සම්බන්ධයෙන් මුතූර් හි ජනතාවගේ විරෝධය එල්ලවී තිඛේ. මෙම කෝවිල් භූමියට ඇතුල් වී සිටින නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ බිරිද පාවහන් නොගලවා සිටීමත් එම ස්ථානයේ දී ඇයගේ ප්‍රකෝපකාරී හැසීරීමත් යන සියලු කාරණා කිසිසේත් අනුමත කළ නොහැකි අතර මේ සම්බන්ධයෙන්  ආණ්ඩුකාරවරයා සිය කණගාටුව පළ කල යුතුව ඇති බවද නැගෙනහිර මාධ්‍ය විසින් අදහස් පළ කර සිටිති.ඇගේ හැසිරමෙන් කෝපයට පත් ද්‍රවිඩ කාන්තාවන් ඇයට විරෝධය දක්වන අයුරුත්,පොලිස් නිලධාරිණියන් ඇයව එම ස්ථානයේන් ඉවත් කරගන්නා ආකාරයත් ඒ අතර තුරදී ඇයගේ ආධිකාරිමය හැසිරීමත් විඩියෝවේ දර්ශනය වේ.
මෙම ස්ථානයේ සිදුකරන ලිදක් කැනීමේ ක්‍රියාවලිය නීත්‍යානුකුලව නවතා තිබිමත් හා එම ස්ථානයේ පාරම්පරික පන්සලක් පැවති බවට ලද පැමිනිල්ලක් මත එහි තිබූ රාජකාරිමය කටයුත්තක් සදහා නැගෙනහිර ආණ්ඩුාකාරවරයා විසින් පසුගිය සිකුරාදා මෙම ස්ථානය නැරඹිමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී තිඛේ.