සෙල්ලකන්දේ කුණු කන්ද දුගඳ හමමින් සති 3 ද පසු කරයි….

0
122

මීගමුව , සෙල්ලකන්ද පාරේ පාර පුරා විසිරී දුගඳ හමන කුණු කන්ද නිතර අපගේ කතා බහට ලක් වූවකි. මේ වනවිට මෙම කුණු කන්දට දිනපතා විවිධ පිරිස් පැමිණ කුණු බඳුන් අතහැර දමා යති. මීට පෙරදී පවා මෙම කුණු ගොඩ ඉවත් වන්නේ දින ගණනාවක ප්‍රමාදයකින් වීම මෙහි සාමාන්‍ය තත්ත්වයයි. මේ සඳහා නිසි විසඳුමක් ලබාදීමට බලධාරීන් තවමත් සමත්ව නැත . එබැවින්
පාරේ යනෙන අය නාස් හකුළුවා ගනිමින් මෙම ස්ථානය පසුකර යායුතු වන්නේ දැඩි අපහසුතාවයකිනි.

මීගමුව නගර සභාව සහ කටාන ප්‍රාදේශීය සභාව වෙන්වන ස්ථානයේ මීගමු ඩිපෝවට අයිති භූමිභාගයක පිහිටි මෙහි කුණු ඉවත් කිරීමේ කටයුතු නිසි පරිදි සිදු නොවීමත්, අදාල බලධාරීන් අතර කඹ ඇදිල්ලක් තිබීමත් ප්‍රදේශවාසීන් අතර කතා බහට ලක්වෙති .
අද වනවිට සති 3 කට වැඩි කාලයක් මෙහි කුණු එකතු වීමෙන් අවට ප්‍රදේශවාසීන්ට බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණ රැසකට මුහුණ දීමට සිදුව ඇත .
සෙල්ලකන්ද පාර වැසී යාමට තවත් අවශ්‍ය වන්නේ කුණු බඳුන් කිහිපයකි. ඊට යම් පියවරක් ගන්නැයි ජනතා බදු මුදලින් නඩත්තු වන බලධාරීන්ට අප අවධාරණය කර කියා සිටිමු…

සැම්සන් ඥානසිරි