සෙල්ලකන්දේ කුණු දෙපාඇලට ! වගකිවයුත්තෝ නිහඬයි….

0
83
IMG 20211217 WA0013
IMG 20211217 WA0016
   මීගමුව බස් ඩිපෝව පිටුපස සෙල්ලකන්ද පාර අසල හිස් බිම මේවනවිට කුණුකූඩයක් බවට පත්වී ඇත.  කුණු මළු මේ අසළින් ගලායන දෙපාඇලටද විසිකර දමන සම(හරක්) අය මේ නිසා පරිසරයට වන හානිය ගැන නොසිතා තමන්ගේ කාරිය පමණක් ඉටුකර ගනිති .

සෙල්ලකන්ද පාරේ කුණු දමා යන්නෝ ඒවා දෙපා ඇලට විසිකර යති…
මීගමු බස් ඩිපෝවටද මෙහි වගකීමක් ඇති නමුත් ඔවුන් ද මේ ගැන නිහඬව කටයුතු කරයි . මීට අමතරව කටාන ප්‍රා. සභාව, මීගමු නගර සභාව, මීගමු පොලීසිය ආදී වශ⁣යෙන් වන ආයතන වලට මෙකී වගකීම බෙදී යයි.
බල්ලන් සහ කපුටන් කුණුමළු වල ඇති මස්කටු, මාළු කටු වලින් කුසපුරවා ගත්පසු එහි දුඟදින් අවට වාතය පිරීයති. මුල් අවස්ථාවල මේ ආසන්නයේ සිටින නිවැසියයන් මෙම කුණු දැමීමට එරෙහිව යම් උත්සාහයක් ගත් නමුත් මේ වනවිට කිසිවෙකු පුද්ගලිකව හෝ මෙම ක්‍රියාවට එරෙහිව කටයුතු කරන බවක් නොපෙනේ. එබැවින් කටාන , මීගමුව සීමාවේ ඇති මේ පාළු බිම පොදුවේ කුණු දමන ස්ථානයක් බවට පත් කරගෙන ඇත .

IMG 20211217 WA0011


අප අවස්ථා ගණනාවකදී මෙම පරිසර විරෝධී කාරණය අවධාරණය කරමින් ලිපි ගණනාවක් පළ කර ඇත. නමුත් ඒ සියල්ල බීරි අලින්ට වීණා වැයීමක් සේ විය. විවිධ අපද්‍රව්‍ය මේ කුණු අතර තිබෙනවා සේම එකතුවන පාර්සල් ප්‍රමාණයද දිගින් දිගටම වැඩිවන තත්ත්වයක් දැකිය හැක.
මීගමුව නගරසභාවේ සේවක පිරිස පැමිණ තාවකාලිකව කුණු රැගෙන යන නමුත් එය මේ සඳහා ප්‍රමාණවත් පිළියමක් නොවන බව කිවයුතුය . එසේ හෝ කුණු රැගෙනයාම පිළිබඳව ඔවුන්ට ස්තුතිය පුද කරන අප නැවත නැවතත් අදාල බලධාරීන්ට මේ සඳහා ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අවධාරණය කරන්නෙමු.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here