සෙල්ලකන්ද පාරේ කසල කන්ද ඉවත් කරයි

0
57
මීගමුව  සහ  කටාන    ආසන  දෙකෙහි   සීමාවේ   මීගමුව   ආසනයට  අදාල   බිම්  තීරුවක  නිතර   කසල   දැමීමෙන්   කසල  කන්දක්  නිර්මාණය  වී තිබින.   කොතෙක්   ඉවත්  කළ  නමුත්   නැවත  එම  තත්වය  වෙනස්   නොවීය . මේ  ගැන  අප  ප්‍රදේශවාසීන්    සමඟ  සාකච්ඡා   කරමින්   අපගේවෙබ්   අඩවියේ   ලිපි  කිහිපයක්   පල  කළෙමු .   නමුත්   මෙම  කසල  දැමීම   නතර  නොවීය . මෙම  ස්ථානය  පිහිටා   ඇත්තේ  මීගමුව  බස්නැවතුම්පල   අසලය.  ඒනිසා   මෙම  ස්ථානයේ   අයිතිය   ඇත්තේ   මීගමුව   ආසනයටය. නමුත්  වැඩි  කසල   ප්‍රමාණයක්   ගෙනැවිත්   දමන්නේ   කටාන   ආසනයේ  පදිංචි   කරුවන්    විසින්ය. ඒනිසා   මෙය  නතර කිරීමේ  අපහසුතාවයක්   තිබිණ.
ඒ  අනුව   පසුගිය   දිනවල   මීගමුව  නගරසභාවේ   මැදිහත් වීමෙන්  කසල   ඉවත් කර  CCTV   කැමරා   සවිකර   කර  තිබින.මේ වනවිට   කසල  දැමීම   නතරවී  ඇත . මෙම  ස්ථානය   ජනතාව   නිතර   ගමන් කරන   ප්‍රධාන   පාරක්  වන  බැවින්   සහ  මෙම  විෂබීජ   පාසැල්  යන  දරුවන්ට ද   අනතුරු දායක  තත්වයක්   ලෙස   තිබුනු   බැවිනුත්  ස්ථිරවම  ප්‍රශ්ණය   විසඳා  ගැනීමට   හැකිවීම   ප්‍රදේශවාසීන්ට  සතුටුදායක   කරුණකි .
මේ  අනුව   ඉදිරියේදි   ජනතාව   කසල   දැමීම   සඳහා   මෙම  ස්ථානය   යොදා  නොගනු  ඇතැයි   අප  විශ්වාස  කරමු .
එසේම   මෙම  කටයුත්ත   සඳහා  වගකිවයුතු  අයගේ  මැදිහත් වීම    අප  අගය  කරමු .
IMG-20190825-WA0001