සෙල්ලකන්ද පාරේ බටයක් පුපුරා විශාල ජල කඳක් ගලයි.

0
371
IMG 20201226 WA0021
IMG 20201226 WA0017

මීගමුව සහ කටාන සීමාව ආසන්නයේ සෙල්ලකන්ද පාරේ බටයක් පුපුරා යාම නිසා ගඟක් සේ ජලය ගලා⁣ගෙන යන නමුත් තවමත් ඒ පිළිබඳව අදාල බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත.
මෙම අනතුර සිදුව ඇත්තේ 23 දිනයේදී බව ඒ අසල සිටින අයෙකු අප සමඟ පැවසීය. අනතුර සිදුවූ ආකාරය කිසිවෙකු දැන සිට නැත. කෙසේ නමුත් මෙම වතුර අපතේ යන ආකාරයට සෙල්ලකන්ද සහ පිල්ලෑව පාර ප්‍රදේශයට ජල සැපයුම පිළිබඳව ප්‍රශ්ණයක් මතුවිය හැකි බව ප්‍රදේශවාසීන් පවසති.
එබැවින් අවට ප්‍රදේශවාසීන් මේවනවිට ජලසම්පාදන මණ්ඩලයට දුරකතන ඇමතුම් මගින් පවතින තත්වය ගැන දැනුවත් කර අැත. වහාම මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවුනහොත් , මෙම හානිය විශාල මුදල් නාස්තියක් මෙන්ම ජල හිඟයක් නිසා ප්‍රදේශවාසී ජනතාව පීඩාවට පත්වීමට හේතුවක් වනු ඇති බව අප සියළු බලධාරීන්ට අවධාරණය කර සිටිමු.

IMG 20201226 WA0014

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here