සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා අසාදිතයන් 17 ක් !

0
74

1595855439-Corona_Positive_Lඅද (28) දින උදෑසන වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ ව කොරෝනා ආසාදිත පුද්ගලයින් 597 දෙනෙක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පුනරුත්ථාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලයේ 65ක්, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5ක්, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත වු රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙක් මෙම ආසාදිතයින් අතරට අයත් ය.

මේ අතර අද උදෑසන 6 වන විට නව ආසාදිතයින් 23 දෙනෙක් වාර්තා වු අතර එයින් ආසාදිතයින් 17ක් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් වේ.

ඉතිරි අයගෙන් පස් දෙනෙක් කටාර් සිට පැමිණි නිරෝධායනය මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් වන අතර එක් අයෙක් සෞදි අරාබියේ සිට පැමිණ තිබේ.

මේ අතර අද උදෑසන දෝහා සිට පුද්ගලයින් 10 දෙනෙක් මෙරටට පැමිණ ඇත.

එසේ පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබේ.

අද දිනය තුළ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 171 දෙනෙක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතය.

ඒ අනුව නිපුන බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 12ක්, මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 25ක්, බියගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් 127ක් හා තවත් හෝටලයක සිටි පුද්ගලයින් 7 දෙනෙක් මෙලෙස පිටව යෑමට සුදානම් ය.

ඒ අනුව මෙරට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගිය සමස්ත ගණන 27,105කි.

අද වන විට තවත් පුද්ගලයින් 3,409 දෙනෙක් ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානක 38ක නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ (27) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1410ක් සිදුකර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 153,065කි.

අද උදෑසන වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2,805ක් වන අතර සුවය ලැබු සමස්තය 2121ක් ලෙස වාර්තා වේ.

ආසාදිතයින් 673 දෙනෙක් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී
(අද දෙරණ )