සේයාගේ අපරාධකරුට මරණ දන්ඩනය දුන් පසු මාපියන්ට දැඩි ඔවදන්

0
382

saman jayalath.JPG.resized

Seya Parents.JPG.resized

2015 වසරේ සැප්තැම්බර් 11 වනදා පුද්ගලයෙකු අතින් දරණු ලෙස ලිංගික අපහරණයට ලක්ව මරාදැමුණු  සේයා සදෙව්මි නම් පුංචි දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව ලබාදීම අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය. මෙම අපරාධය සිදුකළ පුද්ගලයාට මරණ දන්ඩණය ඇතුළු දඬුවම් මාලාවක්ද ලබාදීමෙන්  අනතුරුව පළාත් මහා අධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න විසින් සේයාගේ දෙමව්පියන්ට ද දැඩි ලෙස අවවාද කරන ලදී.  එහිදී ඇය මෙම මාපියන්ට මෙන්ම සමාජයටම දී ඇති පණිවිඩය වී ඇත්තේ   දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනට වඩා සැලකිලිමත්
විය යුතු බව මෙන්ම නිවසේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සුපරීක්ෂාවක් දෙමාපියන්ට තිබිය යුතු බවයි.
සේයා සදෙව්මි බක්මීදෙණිය ඝාතනයේ අපරාධකරු සම්බන්ධවෙන් අධිකරණය විසින් ගොනුකරන ලද චෝදනා මෙසේයි.
පළමු වරද   _ 2015 සැප් 11 වන දින මෙම අධිකරණ සීමාව තුළ පිහිටි කොටදෙණියාව බඩල්ගම පදිංචි වයස අවුරුදු 16ට අඩු  බාලවයස්කාරියක වූ සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අයව මරණයට පත්කිරීම සඳහා සහ මරණයට භාජනය විය හැකි ලෙස  ඇයගේ නීත්‍යානුකූළ භාරකාරිය වූ අන්දිනාපොළ අප්පුහාමිලාගේ සමන්ති රේණුකා නමැති අයගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම.
දෙවන වරද – ඉහත කී වේලාවේදී හා ස්ථානයේදී හා එකී ක්‍රියාකලාපයේ දී විත්තිකරු වයස අවුරුදු 18කට අඩු තැනැත්තියක්  වන සේයා සදෙව්මි බක්මීදෙණිය වන දැරිය දූෂණය කිරීම
තුන්වන වරද–   ඉහත කී ක්‍රියාකලාපය තුළදී යුෂ්මතාගේ ලිංග්‍රේන්ද්‍රය සේයා සදෙව්මි  යන වයස අවුරුදු  16ට අඩු තැනැත්තියගේ ගුද මාර්ගයට ඇතුල්කිරීම. (බරපතල ලිංගික අපයෝජනය)
හතරවන වරද –   ඉහත කී ක්‍රියාකලාපය තුළදී සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අයව මරණයට පත්කිරීම.

ඉහත සඳහන් වූ අධිචෝදනා වෙනුවෙන් අධිකරණය විසින් ලබාදුන් දඬුවම් වන්නේ ,
පළමු වරද සඳහා  අවු 20ක් බරපතල සිර දඩුවම් හා රු  10000ක මු දඩයක් ද දෙවෙනි චෝදනාව සඳහා අවුරුදු 20ක බරපතල සිරදඩුවමක් සහ  රු 25000ක දඩයක් ද තුන්වන චෝදනාවට බරපතල වැඩ සහිත සිර දඩුවම් සහ රුපියල් 10000ක දඩයක් හා  හතරවෙනි චෝදනාවට දඬුවම ලෙස මරණ දණ්ඩනයයි.

මරණ දඩවම ලබාදුන් පසු අපරාධකරුට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් පැවසීමට  අවස්ථාවක් අධිකරණය විසින් ලබාදුන් අතර එහිදී ඔහු පැවසූවේ මෙවැනි අපරාධ  සිදුවන්නේ  මිනිසුන්  සිගරට්,අරක්කු වැනි  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමෙන් බවයි.
DSC00260.JPG.resizedSeya Lawyers.JPG.resized
DSC00262.JPG.resized
ඡායාරූප – එම්. ඉෂෙඩ්. සාජහාන්