‘සේරුවාවිල රත්‍රන් නිධිය’ ජනාධිපතිගේ වැටුන ප්‍රතිරූපය උස්සන මෙහෙයුමක් ?

0
176
messenger sharing button

සේරුවාවිලෙන් රත්රන් නිධියක් මතුව ඇතැයි ගෙනයන ප්‍රචාර පිටුපස ඇත්තේ, ජනාධිපතිවරයාගේ බිඳ වැටි ඇති ප්‍රතිරූපය යළි ඔසවා තිබීමට ගන්නා උත්සහයක් බවට දේශපාලන විචාරකයින් සැක මතු කරති.  

වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති රත්රන් නිධියක් සේරුවාවිලෙන් සොයාගත් බව ඊයේ (10) ඉරිදා දිවයින පුවත්පත සිය ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් වාර්තා කර තිබුණි.   ජනාධිපතිවරයාගේ පිනට මෙවැනි නිධියක් මතුවී ඇතැයි පැවසෙන පොස්ටු මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. 

    විද්වතුන් සැක පළ කරයි ?  
එම නිධිය පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ සිදු කළ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ (GSMB) හිටපු සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ආචාර්ය කිත්සිරි දිසානායක මේ සම්බන්ධව සිය අදහස මෙසේ ප්‍රකාශ කර සිටියි.   “මමත් අවුරුදු 06කට වඩා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පුධාන නිලයක් දරමින් සේවය කළත්, දැනට රත්‍රං විශාල වශයෙන් තිබෙනවයි ප්‍රකාශ කරන සේරුවාවිල ප්‍රදේශයේ අර්ප්පු, කොල්ලාකුලම් වගේම BLOCK C කියන ප්‍රදේශවලට කිහිප සැරයක් ගිහින් නියැදි රැගෙන විත් මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කළත් වාණිජ වශයෙන් ලාභදායි කර්මාන්තයක් කරගෙනයාටම තරම් ප්‍රමාණවත් රත්‍රං ඇති බවටනම් මටනම් වාර්තා වුනේනම් නැහැ.   

කවුරු වුනත් වාණිජ මට්ටමින් කළහැකි මට්ටමට රත්‍රං ඇති බව සොයාගෙන ඇත්නම් මමත් දැනගන්න කැමතියි ඒ ගැන. මොකද ලෝහ නිස්සාරණය පිළිබඳ ආචාර්ය උපාධියක් වගේම ඒ පිළිබඳ මමත් පර්යේෂණ කරන පිළිගත් විශ්ව විද්‍යාලයක දැනට සේවය කරන පුරවැසියෙකු නිසා.”   ආචාර්ය කිත්සිරි දිසානායක භුවිද්‍යා හා පතල් කැනීම් කැණීම් කාර්යාංශයට අමතරව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති / ප්‍රධාන විධායක ලෙසත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙසත්, තිරසර බලශක්ති අධිකාරියේ සභාපති ලෙසත් සේවය කළ මේ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙකි.  

dsd

theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here