සේලයින් බෝතල් අතින් අල්ලන් පුටුවල් ඉන්න මීගමුවේ රෝගියෝ?

0
44
මීගමුව රෝහල

මේ දිනවල මීගමුව රෝහලේ නේවාසික වාට්ටු වලට  යන ඕනෑම කෙනෙකුට අත්දකින්නට ලැබෙන්නේ ඉතාම කණගාටු දායක අත්දැකීමකි.
රෝගීන්ගෙන් පිරී ඉතිරුණ වාට්ටු සහ  අධික ජනතාවක් ගැවසෙන අපහසු පරිසරයක රෝගීන් ප්‍රතිකාර ගන්නා අයුරුය.
ඩෙංගු රෝගීන්ගේ වැඩීවීමත් මෙම තත්ත්වය උත්සන්න වීමට බලපෑ ඇත. එම නිසාම දැන් රෝගීන් බැලීමට සාමාන්‍ය වාට්ටු වලට යාමටද විශේෂ කාඩ් පතක් අවැසිය. යාමට අවසර ලැබෙන්නේ ද එක් පුද්ගලයෙකුට පමණි. රෝගීන්ට ඇදන් වල ඉඩමදි නිසා පුටු වල වාඩීවී නේවාසික ප්‍රතිකාර ලබන්නට සිදුවී ඇත. සමහරුන්ට පුටුවේ වාඩිවී සේලයින් බෝතල්  අතේ තියාගෙන සිටීමට සිදුවී ඇති සිදුවීම් ද වාර්තා විය.
මෙවැනි තත්ත්වයකට කාලයක සිට මීගමුව රෝහල පත්වෙමින් තිබූ අතර ඒවා වලක්වා ගන්නට තරම් ශක්තිමත් පරිපාලනයක් රෝහලට ලැබුණේ ද  නැත.  නව ගොඩනැගිල්ලේ මහල් දෙකක්  හිස්ව තිබෙන අතර එයින් එක් තට්ටුවක් වෛද්‍ය නේවාසික සදහා වෙන්කර ගෙන ඇත. ඇතිවී ඇති තදබදයට විසදුමක් ලෙස රෝහල් බලධාරීන් කිසියම් පියවරක් ගතයුතුව ඇති අතර ඒබදු ක්‍රියාවක ලකුණු නම් පේනමානයක නැත.එපමණක් නොව ලක්ෂ 550 ක් වැය කර රෝගින් 17 දෙනෙකු සදහා පමණක් ප්‍රතිකාර කිරිම සදහා නවිකරණය කෙරුණ විශේෂ ඩෙංගු වාට්ටුව ඉදිකිරිමේදි රෝහලේ අනෙකුත් මුලික අවශ්‍යතාවන් ගැන තැකිමක් කර නැති බව පැහැදිලිය.
අනෙක් වැදගත් කරුණ වන්නේ රු ලක්ෂ 550 ක ප්‍රතිපාදනයක් විශේෂ ඩෙංගු වාට්ටුව වෙනුවෙන් වෙන්ව තිබුනද එහි සියළු ඉදිකිරිම් කටයුතු සම්බන්ධිකරණය කරන ලද්දේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියයි.
එනම් ඇමති නිමල් ලංසායි.
මේ ලක්ෂ 550 න් කොයිතරම් කොමිස් මුදලක් මේ අය වෙත යන්නට ඇද්ද ???

මීගමුව රෝහල
මීගමුව රෝහල