සේවකයාට ඇසිඩ් ගසා රත්තරන් මංකොල්ල කයි

0
69

අද   පාන්දර   2.20 ට පමණ    මීගමුව  කෙලින් පාරේ මැක්සිීස් සාප්පු සංකීර්ණයේ  පිහිටි ‘මුරලි’ නම්  රන් ආභරණ අළෙවි සැලක් මංකොල්ල කා තිබේ. මෙම මංකොල්ලකෑම සිදුුකර ඇති පුද්ගලයා පාන්දර එම අළෙවි සැල වෙත ගොස් එහි  සෙේවකයෙකු නැවතී සිට ඇති උඩ කාමරයේ දොරට තට්ටු කර  ඇති අතර ඇතුළේ නැවතී සිට ඇති  තරුණයෙකු  පැමිණ දොර හැර තිබේ.  එවිටම එළියේ   සිටි පුද්ගලයා එක්වරම ඔහුට ඇසිඩ් ගසා ,  පොල්ලකින්ද පහරදී ඇත. මෙම සේවකයා ඇසිඩ් පහර කා  පසුව ටැප් එක දෙසට දිවගොස් ඇත්තේ ඔලුව සොදාගෙන වෙනත් දොරකින් පලාගොස් ඇත. ඉන්පසු වෙළද සැලට ඇතුල වී ඇති මංකොල්ලකරුවා යතුරත් සොයාගෙන එහි තිබූ  පවුම් 10 හමාරක්  පමණ රත්තරන් සොරාගෙන තිබේ. පහර කෑ සේවකයා  (අවු20)මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.  එම සෙවකයා විසින්  මංකොල්ලකෑමට පැමිණි  ඇති පුද්ගලයාව හදුනාගෙන  ඇති බව වාර්තා වේ.ඔහු ඊට ආසන්න අළෙවිසැලක සේවකයෙකු බව ද පැවසේ. මීගමුව පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
7553(1)