සේවකයෝ සංකේත වැඩවර්ජනයක..! රටපුරාම විදුලිය බිඳවැටෙයි !

0
314

ශ්‍රී ලංකාව මේ වන විට දිවයින පුරා විදුලිය බිඳවැටීමකට ලක්ව තිබේ. ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන උප පොළවල් 03ක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තාවේ .

විදුලිය විසන්ධි වීම සිදුව ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සේවකයෝ නීතියට වැඩ ව්‍යාපාරයක නිරතව සිටින අවස්ථාවකවිමද තවත් විශේෂත්වයකි.

රජයට අයත් කෙරවලපිටිය යුගධනවි LNG බලාගාරයේ 40% ක කොටස් ඇමෙරිකානු සමාගමක් වන New Fortress වෙත විකිණීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරේ.

මෙම කාරණය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියෝගයට ලක්ව ඇත.

විරෝධතාවයේ නිරත සේවකයින් මීට පෙර නිවේදනය කළේ තමන් සේවයට වාර්තා කරන්නේ පැය 08ක් පමණක් බවයි. වැඩකරන දිනවල පස්වරු 04.15 න් පසු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ කිසිදු කටයුත්තක නිරත නොවන බවට ද ඔවුන් අනතුරු අඟවා ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here