සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී එල් සී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් බලපත්‍රයක් නිකුත් කරන ලද මූල්‍ය සමාගමක් වන අතර, කොළඹ කොටස් වෙළද පොළ ගනුදෙනු සදහාද ප්‍රකාශිත සමාගමකි.
තවද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මහා පරිමාණ මූල්‍ය ආයතනයක් ලෙසද නම් කර ඇත.
BBB-/P3 රැම් : (RAM)- ආයෝජන ශ්‍රේණිගත සහතිකයද හිමිකරගෙන ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී එල් සී සවිමත් මූල්‍ය පදනමක් සහිතව පාරිභෝගිකයින් සදහා සිය සේවාව සපයයි.
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රකට සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයේ ජවය ලබන්නකි.
සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහය ලාංකීය වෙළෙද පොළ තුළ සීඝ්‍රයෙන් දියුණුවන,
” සුපර් බ්‍රෑන්ඩ් ” තත්ත්වය හිමිකරගත් ව්‍යාපාර නාමයක් වන අතර
ලංකාවේ ගෞරවනීය ව්‍යාපාර 100 : ( Most respected businesses in Sri lanka ) – අතරටද ඇතුළත් විය. එය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයතුළින් ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වී, මේ වන විට විවිධ වූ ක්ෂේත්‍ර කරා (සෞඛ්‍ය,රක්ෂණ, සංචාරක, වාහන අලෙවිය) සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කර ඇත. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය ලාංකීය පාරිභෝගිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරමින් කල්බදු, කුලී සින්නක්කර, වාර ණය, ව්‍යාපාර ණය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු යන සේවා සපයනු ලබයි.
සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා ඔවුනගේ ව්‍යාපාර වැඩිදියුණු කරලීම පිණිස ණය ලබාදීම, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රමුඛත්වයේ ලා සළකන අතර ඒ සදහා රටපුරා විහිදී ඇති ශාඛා ජාලය මනා දායකත්වයක් සපයයි. ණය ලබාදීමේදී අදාල ව්‍යාපාරයේ ස්වභාවය පිළිබදව සැළකිලිමත් වී ඒ අනුව කටයුතු සිදුකරන නිසාම ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතය 99% ක් තරම් ඉහළ අගයක් ගනී. කල්බදු, කුලී සින්නක්කර, සමූහ පුද්ගල ණය ප්‍රධාන සේවාවන් ලෙස පාරිභෝගිකයන් වෙත ලබාදෙන අතරම, ව්‍යාපාර ණය, වාර ණය, සහ රන් ණය යන සේවාවන්ද ලබාදීමට කටයුතු යොදා ඇත.
අප සමග අත්වැල් බැද ඔබගේ ආයෝජනයට ඉහළම ප්‍රතිලාභ ලබාගන්නා ලෙස ඇරයුම් කරන අතරම, ඔබගේ ස්ථාවර තැන්පතු ස`දහා හිමිවන පොලී අනුපාතිකයන් පහත වගුවේ දැක්වේ.
→ වයස අවුරුදු 55 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා 0.5% ක
අමතර පොලියක්.
→ විශේෂ ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකයන් ලබා ගැනීම සඳහා
0722 327 807 / 0771 432 118 – ප්‍රදීප් නොයෙල් අමතන්න.
→ අපගේ මීගමුව ශඛාව නො: 406/1, උදයාර් තෝප්පුව මාවත, මීගමුව
(ඉඩම් කච්චේරිය ඉදිරිපිට) යන ස්ථානයේ ඔබගේ පහසුව සඳහා විවෘතව පවති.