සෝමලියානු මුහුද කොල්ලකරුවන්ගෙන් බේරුන ”ෂන්මුගන්ට” ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න බැරිවෙයි ?

0
81

සොමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වු නැවේ ප්‍රධාන අරක්කැමියා වුයේ මීගමුවේ  දළුපත පදිංචි සම්මුගන් මහතාය.
මුළු රටේ කථා බහට ලක්වු සොමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුව ජිවිතය බේරාගෙන පැමිණි ෂන්මුගන් මහතාට සිය ගම වු දළුපතදි මුහුදු කොල්ලකරුවන්ටත් වඩා භායනක ග්‍රහණයකට නතු වන්නට සිදුවිය.
මීගමුවේ වැඩිම ඩෙංගු රෝගින් ගණනක් සිටින දළුපතදි ෂන්මුගන්ටද ඉන් බේරිමට නොහැකි වි තිබුනේ.
මෙ හේතුවෙන් ඔහු සතියකට වැඩිකාලයක් රෝහල්ගතව සිටින්නට ඔහුට සිදුව තිබුණි.
දැනට මීගමුව ඩෙංගු මාස 3 කින් පාලනය කරන බව කියන ඇමති නිමල් ලංසාගේ නිවස පිහිටා තිබුනේද මේ ෂන්මුගන්ලාෙග් නිවස සමිපයේම.
දශකයකට අධික කාලයක් මිගමුව පාලන කරනු ලැබුෙවේ ලංසා පවුල ප්‍රමුඛ රාජපක්ෂලාගේ මහනගර සභාවක් විසින් බවද මෙහිලා සටහන් තබනු කැමැත්තෙමු