සෝරත පොඩිනම දෙරණට වඩින්න බෑ කියයි

0
525
 soratha himi

 

ටෙලි කරළියේ ජනප්‍රියම තාරකාව බවට මේදිනවල පත්ව සිටින දෙරණ රූපවාහිනියේ දිඟහැරෙන “සිඳු” ටෙලියේ සෝරත පොඩිනම හෙවත් කවිශ්ක විහඟ අදාළ ටෙලියේ තවදුරටත් රඟපෑමට නොහැකි බව ‘දෙරණ’ රූපවාහිනියේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාට වාචිකව දන්වා තිබේ.

ඔහු චරිතය හැරයාමට අවශ්‍ය බව පවසා ඇත්තේ අපූරු හේතුවකටය.

ඒ කවිශ්ක අධ්‍යාපනය ලබන පනාගොඩ ශ්‍රී පරක්‍රම මහා විද්‍යාලයේ සිසුන් ඔහුට “සෝරත” යනුවෙන් අඬ ගැසීම නිසාය.

කවිශ්කට අදාළ ටෙලියට තවදුරටත් සම්බන්ධවීමට නොහැකි බව කියා සිටීමට තවත් හේතුවක් ලෙස ඔහු දක්වා ඇත්තේ දිගටම හිස මුඩුකර පාසල්යාම ද කරදරයක් බවයි.

කවිශ්ක සෝරත හිමිගේ චරිතයට තෝරාගෙන ඇත්තේ ‘දෙරණ’ රූපවාහිනියේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා විසින්මය.

කෙසේවුවද, මේ ළමා නළුවගේ හිතුවාක්කාර තීරණය මඟ හැරීමට ලක්සිටත්, නාට්‍ය නිශ්පාදන කණ්ඩායමටත් සෑහෙන වෙහෙසක් ගැනීමට සිදුවූ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

තත්ත්වය පැහැදිළිකරදීමෙන් පසුව ඔහු සෝරත හිමිගේ චරිතය තවදුරටත් රඟපෑමට එකඟවී තිබේ.

සමන් එදිරිමුණි විසින් කතාව සකසා රචනා කරන ලද සිඳු ජානක සිරිවර්ධනගේ නිෂ්පාදනයකි.
www.srilankamirror.com

Save