”සෞඛ්‍යයට අහිතකර සියලූ ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කරනවා”

0
48

අත්‍යාවශ්‍ය නොවන මෙන්ම සෞඛ්‍යයට අහිතකර සියලූ ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම නතර කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනපති පවසයි.6-1-1024x674

අත්‍යාවශ්‍ය නොවන මෙන්ම සෞඛ්‍යයට අහිතකර සියලූ ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමට ජාතික ආර්ථික සභාව හරහා ඉදිරියේදී පියවර ගැනීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කළුතර, බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පරිශ‍්‍රයේ දී අද ආරම්භ කෙරුණු කෘෂිකර්ම ප‍්‍රදර්ශනය විවෘත කරමිනි.

‘සරු දිවියට – කෘෂි සවියක්’ යන්න තේමා කර ගනිමින් වගා සංග‍්‍රාම ජාතික වැඩසටහන යටතේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබෙන ප‍්‍රදර්ශනය ලබන 27 වනදා දක්වා පැවැත්වේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සදහා පමණක් වාර්ෂිකව රුපියල් කෝටි 2500 කට වැඩි මුදලක් වැය කෙරෙන බවයි. වසර දහස් ගණනක අපේ රටේ සංස්කෘතිය සහ අනන්‍යාතවය රැකගනිමින් අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපේ රටේම නිෂ්පාදන කර ගැනීම අත්‍යාවශ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශීය ගොවියාගේ නිෂ්පාදනවලට හොද මිලක් ලබාදෙමින් ගොවියාගේ ආර්ථිකය මෙන්ම රටේ ජාතික ආර්ථිකය ද ශක්තිමත් කිරිමට නම් අපේ දේට ඉහළ වටිනාකමක් ලබාදිය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

පසුගිය මාස කිහිපය තුළ රටට බලපෑ නියගය සහ ගංවතුර සමග ඇති වූ කෘෂි නිෂ්පාදනයේ පහත බැසීම නිසා ඇති වූ පාඩුව වළක්වා ගනිමින් මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කිරීම සදහා ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ලබන මසදී ආරම්භ කෙරෙන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා සියලූ ආයතන වෙත අදාළ චක‍්‍රලේඛ සහ උපදෙස් පති‍්‍රකා මේ වන විට නිකුත් කර අවසන් බව ද කියා සිටියේය.

දේශීය ලූනු ගොවින් මුහුණ පා ඇති අසීරුතාවය සැලකිල්ලට ගනිමින් අද සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි පිටරටින් ගෙන්වන රට ලූනූ සදහා සියයට සියයක බද්ධක් පැනවීමට තමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.එමෙන්ම වගා සංග‍්‍රාමය යටතේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලූ ඉඩම් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර වගාකරන අය දිරිමත් කිරීමට කටයුතු කිරීම මෙන්ම වගා නොකරන අය පිළිබද නීතිමය කි‍්‍රයාමාර්ගවලට එළැඹීමට ද රජය කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා නීතියෙන් සහ ව්‍යවස්ථාවෙන් නොව මානූෂීය කි‍්‍රයාදාමයක් ලෙස සලකා රටේ දුගීභාවය තුරන් කර සියලූ ජනතාවගේ කුසගිනි නිවන වගා සංග‍්‍රාමය හා සියලූදෙනා අත්වැල් බැදගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරය සදහා සහභාගීවීමට සිදුකළ ඇමෙරිකා නිල සංචාරය පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද ලෝකයේ සියලූ රටවල මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ලොව ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානවල ද හොද හිත, මිත‍්‍රශීලිභාවය මෙන්ම, ආශිර්වාදය ශී‍්‍ර ලංකාවට නොඅඩුව හිමිව ඇති බව තමන්ට එහිදී හැගී ගිය බවයි.

කෘෂිකර්ම ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර රුපියල් මිලියන 46 ක වියදමින් ඉදිකළ බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අමාත්‍ය මහින්ද සමරසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන්, ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

http://www.president.gov.lk