සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට පටහැනිව ඡන්දය කරන මිගමුවේ දේශපාලකයන්ට එරෙහිව PHI ගුණරත්නලා කටයුතු කරයිද?

0
75

Screenshot_20200616_122351_com.facebook.katanaසෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර සිටි.

කොවිඩ් 19 වසංගතය හමුවේ මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිසන් සභාවට බාරදෙනු ලැබූ අතර එම නිර්දේශ මාලාව රෙගුලාසි වශයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදි පවසා තිබේ.

මෙම ගැසට් නිවේදනයෙන් සිදුවන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිර්දේශ  මාලාව නීති සහ රෙගුලාසි බවට පත්වීම යැයි ද ඇය කීවාය.

අදාළ ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරිය සඳහන් කළාය.

මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශවලට අමතරව, ඒවා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරන බලතල මෙම ගැසට් නිවේදනයට ඇතුළත් වන බව ඇමැතිවරිය කීවාය..
මේ අතර මිගමුවේ මෙන්ම අනෙකුත් සියලුම නගර වලද මේ වන විට මැතිවරණයට අදාල ක්‍රියාත්මක වන වැඩපිළිවෙල කිසිදු සෞඛ්‍යආරක්ෂිත ක්‍රමමේදයන් පදනම් කරගෙන නැති බව ඉතා පැහැදිලිය.
විශේෂයෙන්ම වඩාත් විහිළුව වන්නේ නිමල් ලංසා වැනි දේශපාලකයන් සිය මුහුණු පොතේ සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද මෙන්ම මැතිවරණ කොමිසමේ රෙගුලාසිද අනුව සිය මැතිවරණ කටයුතු කරනවා යැයි සදහන් කරමින් ඒවා කිසිවක් නොසලකමින් කටයුතු කරමින් සිටිමය.
ඇමතිවරිය පවසන ආකාරයට දැන් මේ වගකිම පැවරි ඇත්තේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටය. එහෙත් මේ බොහොමයක් තැන්වලදි මහජන පරික්ෂකවරුන් යනු බලය සහිත පළාත් පාලන ආයතනයේ දේශපාලන ලොක්කන්ගේ සුවච කිකරු ගෝලයන් විමය.
මිගමුවේ මේ තත්වය ඉතා හොදින් පෙනේ. කොටින්ම කියන්නේ මේ දිනවල මිගමුව නගරාධිපති දයාන් ලංසාට අවැසි පරිදි ඔහුගේ ආධාරකරුවන්ට වැඩි සේවා පහසුකම් ලබාදිමට අදාල මිගමුවේ බහුතරයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරමින් සිටි.