සෞඛ්‍ය කම්කරුන්ට පහරදුන් අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මීගමුවේ විරෝධතාවක්

0
46

dengu issue 2ඊයේ දිනයේ කුණු එකතු කිරීමට ගිය නගරසභාවේ කම්කරුවන් දෙදෙනෙකුට පෙරියම්මුල්ල යෝන් වීදීයේදි කිසියම් පිරිසක් පහර දී තිබේ.පහරකැමට ලක් වූ එක් අයෙක් රෝහල්ගත කර ඇත.මෙමෙ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ.මීට අමතරව ඊයේ දින මුන්නක්කරය මංකුලිය ප්‍රදේශයේ ඩෙංගු පරික්ෂා කිරීමට ගිය නගර සභා සෞඛ්‍ය අංශයේ නිළධාරිනියකට කිසියම් පිරිසක් තර්ජනය කොට ඇත. මෙම සිදුවීම් හේතුවෙම් මීගමුව නගරසභා කම්කරුවන් හා නිළධාරින් අද දින වැඩවර්ජනය කරමින් විරොධතාවක් දැක්වූහ.අද උදෑසන 9.30 පමණ නගර සභාව ඉදිරියේ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අසල මෙය සිදු කෙරිණි.මොවුන් පවසන්නේ ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස කිරීමටඉඩ ලබා දෙන ලෙසටයි.ඊයේ දිනයේ පහරකෑමට ලක්වූ අය ගැන සොයා බලා පහරදුන් පුද්ගල්යින් අතඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කර සිටී.