
දැනටමත් දැවැන්ත අවදානමකට මුහුණ දි ඇති ඉදිරි පෙළ සෞඛ්‍ය කම්කරුවන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් දිය යුතු එන්නත අද දිනයේදිද හොර රහසේ දේශපාලකන්ගේ VIP හිතවතුන් හට මිගමුව වැල්ලවීදිය ප්‍රදේශයේදි ලබාදිමට කටයුතු කර ඇතැයි බරපතල චෝදනාවක් මිගමුව සෞඛ්‍ය නිළධාරියා වෙත එල්ල වි තිබේ.
ලංසා පවුලේ කාර්යාලය පිහිටි බාල්දිකොටුව ප්‍රදේශයේදි මෙසේ හොර රහසින් එන්නත මෙහෙයුම සිදුව ඇතැයි කියැවේ .මේ අතර පසුගිය දිනවලදි හෝටල් ක්ෂෙත්‍රයේ ප්‍රධානින් හට හොර රහසේම මේ එන්නත ලබාදිමට කටයුතු කර ඇතැයි යන චෝදනාවක්ද මේ වන විට එල්ලවි තිබේ
අද පැවැති හොර එන්නත් මෙහෙයුම ගැන දැනගෙන සිට ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා විසින් පමණක් විමද තවත් විශේෂත්වයකි.