සෞඛ්‍ය කම්කරුවන් ස්ථිරකිරිම් ලේඛනය මත ලංසා-ජයවීර ගැටෙති.

0
61

මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 15 දෙනෙකු ස්ථිර කිරිමට අදාලව ක්‍රියාත්මක පරිපාලන කටයුත්ත මැද්දේ ලංසා ජයවීර ගැටුමද එහි හරි මැදට පැමිණ අතැයි වාර්ථා වේ.එයට හේතුව වි ඇත්තේ නගරාධිපති ඇන්ටනි ජයවීර විසින් ඉදිරිපත් කර ඇතැයි කියන ලයිස්තුව පිළිබදව පළාත් සභා ඇමැති නිමල් ලංසා මහතාගේ විරෝධය එල්ල වි තිබිමයි.
මේ පසුබිම යටතේ මේ කම්කරුවන් ස්ථිර කිරිම පිළිබදව කාරණයද මදක් පස්සට ගොස් ඇතැයි කියැවේ.
කම්කරුවන් ස්ථිර කිරිම් ලේඛන මතද දැන් දෙදෙනා ගැටෙන තැනට දැන් කටයුතු සිදුවෙමින් ඇතැයි නම හෙළි කිරිමට මැලි වු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් පවසා සිටියේය.