සෞඛ්‍ය බලධරයෙනි … කෝ H 800 ????

0
165
වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ හෝටලයකි.

වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ හෝටලයකි.

හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.   එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.    එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.   එහෙත් මේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙට කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම   මීගමුවේ    ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලිති.    මෙය කොයිතරම් නම්    බරපතල දැයි කිවොත්    මීගමුවේ    සුපිරි බස්නැවතුම්    ඩිජිටල්කරණය වි තිබුනද   එ් භූමියේ ඇති වැසිකිලියට මීටර් 20 ක් එහායින් දැන් හෝටලයක් පටන් ගෙන ඇත.
කද පමණක් ඩිජිටල් ඔළුව කචල්    පාලකයන්ගේ   පාලනයේ    ඇත්තම     ඇත්ත මෙයයි.
අද රාත්‍රියේත් පෙරියමුල්ලේ  සියළුම රාත්‍රි    කඩවල කොත්තු    අල්ලනේත් ,    රයිස්    වලට රෝස්ට්    කුකුල් කෑලි ඉරාදමන්නේත්     දාඩිය පිරුණු අත්වලින්මය.
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමෙනි කෝ       බල්ටි ???    විසිල් විතරමයිනේ??