සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකල Avenra සැණකෙලිය ගැන බලධාරින් නිහඩ ඇයි ?

0
348
170281659 3967138286658473 4168590091023621360 n

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිසිවක් ක්‍රියාත්මක නොකරමින් විශාල පිරිසක් රැස්කරමින් ආහාර සැණකෙලියක් දින 3 ක් පුරාවට පැවැත්වු කටාන සෞඛ්‍ය නිලධාරි කෝට්ටාශය තුල පිහිටා ඇති Avenra හෝටලයට එරෙහිව කටයුතු නොකරන්නේ මන්දැයි මිගමුවේ සහ කටානේ පුරවැසියෝ ප්‍රශ්ණ කර සිටිති.

MOH Dr.laxman 1 1


මඟුල් ගෙවල්වලට මෙන්ම මළ ගෙවල්වලට දැඩි සිමාව පනවමින් කටයුතු කරනු සෞඛ්‍ය නිළධාරින් Avenra සැණකෙලියට ආදල කිසිදු විමර්ශණයක් සිදුනොකිරිම ගැන කටාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ලක්ෂ්මන් විජේසුරිය බරපතල චෝදනාවක් මේ වනවිටත් එල්ල වි තිබේ

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකළ බව සෞඛ්‍ය අංශ පවසති.

“උත්සව සමය ගතකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් නිකුත් කළා. කියන්න කණගාටුයි, අපි නිරීක්ෂණය කළ කරුණු අනුව ඇතැම් පිරිසක් මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගියා. මෙයින් සිදුවන්නේ ඉදිරියේදී වේගයෙන් කොවිඩ් රට තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් ඇතිවීමයි. තත්ත්වය එලෙස දිගින් දිගටම ගියොත් අපිට නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න වෙනවා.” යැයි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය එස්.එම්. ආර්නල්ඩ් මහතා පසුගියදා සදහන් කර තිබුණි

මේ අතර කොවිඩ් මර්දනය සඳහා අහඹු පරීක්ෂා කිරීම් සිදුනොකර එන්නත මත පමණක්ව සිට රජය කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කර ඇති බව දෙරණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට ජනතාවල ලබාදී ඇති එන්නත්වල සාර්ථකත්වය පරීක්ෂා කිරීමට ද නිසි වැඩපිළිවෙලක් නොමැති බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here