සෞඛ්‍ය විධිවිධාන කඩකලොත් මාස 6 ක් හිරේ ….

0
66
මුව ආවරණ නැති මිගමු ලොක
මුව ආවරණ නැති මිගමු ලොක
මුව ආවරණ නැති මිගමු ලොක්කෝ

කොවිඩ් පාලනය සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ නීතියක් බවට පත්කර ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් දැක්වු අදහස්, “මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරිම සඳහා රජය විසින් විවිධ තීන්දු ගනිමින් තිබෙනවා. ඒ අනුව රෝගය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදින පිරිස් සඳහා නීතිමය වශයෙන් පියවර ගැනීමට මා විසින් තව දින දෙකක් ඇතුලත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින අයට, සමාජ දුරස්ථභාවය මීටරයක දුර අනුව කටයුතු නොකරන අයට, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයින් ඇතුලත්වීමේ දී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබාදිය හැකි වන ආකාරයටයි.”

කොමා සහ දයාන්
මුව ආවරණය අසලක වත් නැති නගරාධිපති දයාන් ලංසා සහ කොමසාරිස්වරිය

“ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි වෙනවා,” යනුවෙන් ඇමතිවරිය පැවසුවාය්
මේ අතර පසුගිය 07 වෙනිදා මිගමුව මහනගර සභාවේදි විශේෂ රැස්විමක් පැවැත්වුණි. ඒ මිගමුව නගරය තුල කොවිඩ් අනතුර කළමණාකරණය කිරිම පිළිබදවය.

 

මුව ආවරණය බෙල්ලට දමාගත් නගරාධිපතිගේ සුවච කිකරු නිළධාරියෙ
මුව ආවරණය බෙල්ලට දමාගත් නගරාධිපතිගේ සුවච කිකරු නිළධාරියෙක්

 

එකි රැස්විම පැවැත්වි තිබුනේ නගරාධිපති දයාන් ලංසා සහ නාගරික කොමසාරිස්වරියගේද ප්‍රධානත්වයෙනි.
මෙහි අරුමය වන්නේ මේ දෙදෙනාම මුව ආවරණ පැළද නොසිටිමය.
සෞඛ්‍ය ඇමතිවරියගේ ගැසට් එක ගැන මිපුරට  අදහස් දැක්වු අයෙකු කියා සිටියේ පසුගිය කාලය තුල සෞඛ්‍ය විධිවිදාන කඩකල රාජ්‍ය නිලධාරින්ට මෙන්ම දේශපාලකයන්ටද මේ දඩුවම කලින්ම ලබාදිය යුතු බවය.
රජය නිකුත් කරන කිසිදු චක්‍රලේඛනයකට ගරු නොකරන අය ලෙසින් මිගමුව නගරාධිපති දයාන් ලංසා සහ කොමසාරිස්වරිය ගැන පැමිණිලි රැසක් ජනපති ඇතුළු රජයේ ප්‍රධානින් රැසක් වෙත දැනටමත් යොමුකර ඇති බවද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.