හංගා දැමූ මීගමු රෝහල් පොලීසිය ?

0
142

NGB-hospital-2-1024x768

(10.14pm)මීගමු රෝහල් පොලීසිය රෝහලේ ආරක්ෂාවට ඇති එකම ආයතනයයි. රෝහල තුළ නීතිය සහ සාමය රැකීමට ඇති මේ ආයතනය අද මුල්ලකට ඇද දමා තිබීම කණගාටුදායක කාරණයකි. පරණ ගොඩනැගිල්ලේ කෙරවලේම ඇති දෙන්නෙකුටවත් හැරෙන්නට නොහැකි කාමරයක රාජකාරි කටයුතු කරන පොලිස් නිලධාරීන් ඉතා දුෂ්කර තත්වයන් මත තම සේවය ඉටුකරන බව අප දැක ඇත්තෙමු.

මේ වනවිට මේ සඳහා ස්ථානයක් සකස් කෙරෙන බවට කතාබහ කෙරෙන නමුත් එයද කුඩම්මාගේ සැලකිල්ලට අනුව සිදුවේදෝහෝයි සැක සංකා මතුවෙයි. පොලීසියේ ලොකු මහත්මයෙක් මේ සම්බන්ධව අළුත් ගොඩනැඟිල්ල තූළ හිඳ විමසීමක් කරනු අප දුටුවෙමු. කෙසේ නමුත් අප යෝජනා කරන්නේ මෙම ස්ථානය පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය අපහසුවකින් තොරව සිදුකිරීමට හැකිවන ලෙසත්, ජනයාට හොදින් පෙනෙන ලෙසත් සකස් කරන්නේ නම් යහපත් බවය. අප මෙසේ පවසන්නේ මෙම රෝහලේ වැඩ සිදුවන ආකාරයට නිතර කැඩෙන නැවත හැදෙන වගකීමක් ඇතිව දේවල් සිදු නොවන තැනට කටයුතු කෙරෙන බැවිනි.