හංස ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපැල් ඡන්දය සහ උතුරු නැගෙනහිර !

0
77
මිනිමරු රාජපක්ෂ රෙජිමයට එරෙහිව යාපනේ පැවැති විරෝධතාවයක් !

dav

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වෙන්නේ ජා(31 ) හෙටය. මේ වන විට ප්‍රධාන අපෙක්ෂකයන් සියල්ලයක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා හමාරය.
තැපැල් ඡන්දය හෙටට ආරම්භ විමට නියමිතය.
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රතිපත්ති මොනවාදැයි රටටම දැනගන්නට වන්නේ හෙට පෙරවරුවෙන් පසුවය.දකුණට කෙසේ වෙතත් උතුරේත් නැගෙනහිරත් ජනයා සිය අයිතිවාසිකම් පිළිබදව සජිත් කියන්නේ මොනවාදැයි දැනගැනිමට වඩාත් උනන්දුවක් දක්වනු ඇත.
මේ අතර දැනටමත් දෙමළ ජන සභාවේ විග්නේශ්වරන් මැතිවරණයේදි කිසිදු අපෙක්ෂයෙකුට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ නොකරන බවත් ඒ ගැන ස්වාධිනව සිටින බවත් පවාස තිබේ.
දෙමළ ජාතික සන්ධානය පවසා තිබුනේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සිය ස්ථාවරය ප්‍රකාශ කරන බවය.එනම් ඔවුන්ගේ ස්ථාවරය අනිවාර්යෙන්ම ප්‍රකාශයට පත්කරනු ඇත්තේ හෙටින් පසුවය.
ඒ අනුව උතුරේත් නැගෙනහිරත් රාජ්‍ය සේවකයන් හට හෙටින් ඇරඹෙන තැපැල් ඡන්දයේදි ඔවුන් ගනු ලබන දේශපාලන ස්ථාවරය කුමක්ද යන්න පිලිබදව පැහැදිලි ඒකමතියක් මේ වනවිටත් සිදුකෙරි නොමැත.
උතුර නැගෙහිර අතිබහුතරයක් ජනයා ගෝඨාභයට විරුද්ධ බව ඉතා පැහැදිලිය.
එහෙත් ගෝඨාට එරෙහි වෙමින් ඔවුන් තෝරාගත යුත්තේ කාවදැයි කියන්නට තරම් දේශපාලන ස්ථාවරයක් ගැනිමට ඒ සමාජයට හෙට දිනයේත් කිසියම් පොදු මගපෙන්විමක් නොමැති තරම්ය.
එවන් යථාර්ථයක් තුල සිදුවිය හැක්කේ කුමක්ද ?දෙමළ ජාතික සන්ධානය තමන්ට කියන අපෙක්ෂකයාට කතිරය ගසන්නට පුරුදු වු බහුතරයක් සිටින මේ කලාපය තුල තැපැල් ඡන්දය හිමි බහුතරයක් දෙනා සිටින්නේ සැබැවින්ම අවිනිශ්චිතතාවයකින් විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here