හජ් වන්දනාවේ යාමට නොහැකි දිළිඳු ඉස්ලාම් බැතිමතුන්ටත් අවස්ථාව දෙන්න – ඇමති විජිත ඉල්ලයි

0
165

0308c358d0ad79f6e8f088c269966122 XL

හජ් වන්දනාවේ යාමට වත්කම් නොමැති ආර්ථික අපහසුතාවලින්  පෙලෙන ඉස්ලාම් බැතිමතුන්ටත් අවස්ථාව ලබා දෙන ලෙස,හජ් කෝටාව ලබා ඇති ආයතනවලින් රජය ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසා තිබේ. විශේෂයෙන් බස්නාහිර පළාතෙන් බැහැරව අනිකුත් පළාත්වල වෙසෙන හජ් වන්දනාකරුවන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමත්‍යවරයා අවධාරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.  නට තිබෙන හජ් කමිටුව හරහා ආයතන 88කට හජ් වන්දනාවේ යන 3500ක් සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

එමෙන්ම, හජ් කෝටාව ලබා දුන් ආයතන 88ක් තෝරා ගෙන තිබෙන්නේ ලකුණු දීමේ ක්‍රමවේදයකට අනුවයි.

ඉදිරියේ දී මෙම 3500ක කෝටාව සාධාරණ ලෙස බෙදීයන ක්‍රමයකට ලබා දීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

hajj

උපුටා ගැනීම – News.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here