හදුනානොගත් වකුගඩු රෝගයට පිලියම් සේවීමට ඕස්ට්‍රේලියානු විශේෂඥයන්ගේ සහය..

0
130

ඕස්ට්‍රේලියාවේ විශේෂ අමුත්තන්ගේ වැඩසටහන යටතේ ලැබුණු ආරාධනයකට අනුව පසුගිය සතියේදී ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලුනු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා එම සංචාරයේදී විශේෂිත එකගතාවයන් රැසක් සම්බන්දයෙන් සාකච්ඡා කර ඇත. විශේෂයෙන් මේ වන විට ලෝකයේ ප්‍රමුඛ ඛනිජ හා ලෝහ ගවේෂකයන් වන ඕස්ට්‍රේලියාව,ශ්‍රීලංකාවේ ඛනිජ ක්ෂේත්‍රය තුල ආයෝජනය කිරීමට කැමත්ත පල කර ඇත.

පසුගිය පෙබරවාරි මාසයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී මෙරට ඇති ඛනිජ සම්පත් මේ වන තෙක් සිතියම් ගත කර නැති බැවින් ඒ සදහා වන අවශ්‍යතාවය පිලිබදවද සාකච්ඡා කර ඇත. එම සංචාරයේම දිගුවක් වශයෙන් ඔස්ට්‍රේලියාවට ගිය නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා එහිදී GeoScience Australia නම් ආයතනය සමග සාකච්ඡා කර ඇති අතර එහිදී ශ්‍රීලංකාව පුරා පවතින ස්වභාවික ඛනිජ සම්පත් පිලිබද ගවේෂනයක් කල යුතු බවත් එමගින් ඒ ක්ෂේත්‍රයේ ඇති ආයෝජකයන් මෙරටට ආකර්ෂනය කර ගැනීමට හැකි බවත් සදහන් කර ඇත.ඒ සදහා තමන්ගේ විශේෂඥ දැනුම ලබා දීමට කැමැත්ත පලකර ඇති GeoScience Australia ආයතනය, එම ආයතනයේ විශේෂඥයන් මෙරටට එවීමටද කැමැත්ත පලකර ඇත.

ඕස්ට්‍රේලියවේ න්‍යෂ්ටික විද්‍යා තාක්ෂන ආයතනය හා ඕස්ට්‍රේලියානු සින්ක්‍රොට්‍රොන් ආයතනය සමග පැවැති සාකච්ඡාවේදී මෙරට උතුරු මැද පලාතේ ව්‍යාප්ත වී ඇති හදුනානොගත් වකුගඩු රෝගයට හේතු කාරකයන් සෙවීම සදහා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන ලෙසද ආරාධනයක් කර ඇත.

එලෙසම එම සංචාරය අතරතුරදී ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරිය සමගද සාකච්ඡාවකට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයාට එහිදී ශ්‍රීලංකාවේ සංහිදියා වැඩපිලිවෙලට තම රටේ සහයෝගය පලකරන බවද ප්‍රකාශ කර ඇති අතර , පුද්ගල ජාවාරම් මැඩපැවැත්වීම සමබ්න්දයෙන් ශ්‍රීලංකා රජයේ මැදිහත්වීමද ප්‍රශංසාවට ලක්කර ඇත.
වැඩිදුරටත් ශ්‍රීලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිලිබදව ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක්ද මෙහිදී පවත්වා අැති අතර එහිදී නව ආයෝජකයන් ශ්‍රීලංකාවේ ආයෝජනයට ආකර්ශනය කර ගැනීම සම්බනදයෙන් සාකච්ඡා කර ඇත.

unnamed


චින්තිකා මිතිලායා ගමගේ