හනුමා කව්ද?????

1
74

මේ දවස්වල අපේ වෙබ් අඩවිය මීගමුවේ සමාජ දේශපාලනය ගැන උනන්දු බොහෝ දෙනෙක් එබිල බලන්ඩ පටන් අරගෙන. මේ සමරක් අපට කථා කරල එයාගේ ප්‍රතිචාර එහෙමත් දෙනවා . ඒ අතරින් සමහර දෙනෙක් ප්‍රතිචාරත් සටහන් කරනවා. නමුත් මේ ප්‍රතිචාර අපි පළ කරන්නේ ප්‍රසිද්ධ කරන්න සුදුසු තත්වයක තිබුනොත් විතරයි.

අපි ලගදි  හෙඩිමක් දැම්ම මීගමුව ගිනි තබන හනුමා කව්ද කියල…..මේක ගැන ප්‍රතිචාර ලියපු කෙනක් අහල තිබුනේ ඒ හනුමා ප්‍රදිප්ද කියල.මොකද හනුමා ගිණිකෙලි මීගමුවේ විතරක් නෙමෙයි මුළු ලංකාවෙම ප්‍රසිද්ධයි.

නමුත් අපේ ලිපියට අදාල කාරණයේදි ප්‍රදිප් පිරිස් හැමදාමත් හිටියේ මීගමුවේ ආගමික සමගිය වෙනුවෙන් .මීගමුව තුල අද මතුවෙලා තියෙන අර්බුදකාරි තත්වය සමහන් කරන්න ආගම් අතර සහජිවනය ගොඩනගන්න ප්‍රදිප් තාමත් මහන්සි වෙනවා.අපි ඒක අගේ කරනවා ඒවගේම තවත් මැදිහත්වෙන්න කියලත් කියනවා.මොකද මීගමුව දේදුණු නගරයක් හින්ද.

නමුත් මීගමුව ගිනි තියෙන හනුමල කිපදෙනෙක් ඉන්නවා. අපි දන්නවා.එයාල ගැන හොදටම . හොද දේවල් කරල ප්‍රසිද්ධ වෙන්න බැරිවුණාම ආගම් අවුස්සල හරි ගොඩ යන්න තමයි මෙයාල බලන්නේ.මේ අය අතරින් මීගමුව ගිනි තියෙන කැලෑ පත්තර ගහන්නේ කවුද කියල අපි ලගදිම ප්‍රසිද්ධියේම කියනවා.මීගමුවේ ආගමික සමගිය වෙනුවෙන් මීගමුව දේදුණු නගරයක් කියල කියන්න අපි බය නෑ. හැබැයි ඒකට බය කබ්බෝ ටිකක් ඉන්නවා .එයාල හිතන් ඉන්නේ මීගමුව එයාලගෙ කියල.එයාල මීගමුවට කරල තියෙන හතුරුකම් අපි විස්තර ඇතිව ලගදිම කියනවා.

ඒව කියවගන්න ඇස්  පෙනිම අඩු කණ්නාඩි කාරයන්ට අපි කියන්නේ අලුත් ඒවා අරන් ලෑස්ති වෙලා ඉන්න කියල.

1 COMMENT

Comments are closed.