‘හමුදා සෙබලුන්ද සුදු ඇදගෙන සිටියාය’ යාපනේ වදින්නට ගිය මල්ලී දුටු දේ

0
172

2013 අගෝස්තු 27 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරිය වන නව නින්දන් පිල්ලේ   මහත්මිය යාපනයේ සංචාරයක යෙදිණි. එදින ම යාපනයේ දී  ඥාතීන් අතුරුදහන්වූවන්  පවුල් වල සාමාජියන් මෙන්ම , අතුුරුදහන්වූවන් වෙනුවෙන් වැඩකරන සමාජ සංවිධාන, මාධ්‍ය සංවිධාන සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන වල සාමාජිකයන් යාපනයේ පුස්තකාලය ඉදිරිපිටට රැස්වූහ. මෙම ගමනට සම්බන්ධවූ  මා හට  හිදිසිෙය් මාගේ ඥාතියෙකුගෙන්  ඇමතුමක්  ලැබුණි. ඔහු කියා සිටියේ අක්කේ මමත් යාපනේ ඉන්නේ ට්‍රිප් එකක් ඇවිල්ලා. ” පසුව මම පැවසූවේ එහෙනම් මල්ලි මම ඉන්නේ පුස්තකාලේ  ලග , දොරේඅප්පා ක්‍රීඩාංගනය පැත්තට එන්ඩ කියායි. එසේ වුවත් ඔහු පැමිණියේ නැත. පසුව ගෙදර පැමිණි පසු ඔහු මට කීවෙ, ‘ අක්කේ එදා අපිට ඔය පැත්තට එන්ඩ  දුන්නේ නෑ,  අපේ ඩ්‍රයිවර් මහත්තයා කිව්වා ,ඒ  පැත්තෙන් යන්ඩ බෑ කියලා.ඒ නිසා අපි වෙන පැත්තකින් ආවා. තවදුරටත් ඔහු පැසූවේ හැබැයි  අපි එද්දියි යද්දියි , හමුදාව නම් පේන්ඩ හිටියේ නෑ, සමහර හමුදා නිලධාරීන්ගෙන් අපි අහපුහම කිව්වා අපිට අද සුදු ඇදගෙන ඉන්ඩ කියලා කිව්වා” යැයි ඔහු පවසන ලදී.

ෆන් ගන්ඩ යාපනේ යන දකුණේ සමහර අයගේ ආතල් එක කැඩෙන නිසා , අතුරුදහන්වූවන්ගේ දෙමාපියන් නැගූ විලාපය ඇසීම වලක්වන්නටත් අාරක්ෂක අංශ ක්‍රියාකර ඇති බව මෙයින් වැටහුණ අතර, නවනින්දන් පිල්ලේ ට පේන්නට හමුදා සොල්ලාදුවන් ට  සදු ඇදුම් අන්දා ඇති බව ද පැහැදිලි වුණි. විරෝධතාවය පැවැත්වූ අතර වාරයේද පොලීසියට අමතරව සිටි සියලූම නිලධාරීන් සුදු ඇදමින් සිටිනු දැකිය හැකි විය.jaffna 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here