හයර් එකක් ගිය ත්‍රීවිල් එකක් උස්සලා ….

0
76

රද්දොලූවෙන් තී්‍ර වීල් එකකින් හයර් එකක් යාමට කැදවාගෙන ගිය ත්‍රී රෝද රථය ලියනගේමුල්ල ප්‍රදේශයේ සෙන්තෝමස් මාර්ගයේ පාලූ ප්‍රදේශයකදී රියදුරුව බිමට ඇද දමා ත්‍රී රෝද රථය සහ රියදුරුගේ ගෙල බැඳි රන් මාලය, මුදල් පසුම්බියද කොල්ල කා පැමිණි තරුණයන් දෙදෙනෙක් පලාගොස් ඇත.

සිද්ධිය සිදුවූ දිනයේ රද්දොලූව බතල වත්තේ තී්‍ර වීල් පාක් එකෙ තිබී ඇත්තේ මෙම ත්‍රී රෝද රථය පමණකි. පෙරවරු නමයට පමණ ජංඩියට ඇඳගෙන ගමන් මලූ දෙකක් කරේ දාගත් දෙන්නෙක් පැමිණ සීදූව හංදියට කයමින් ත්‍රී රෝද රථයේ වාඩිවී ඇත. ඒ එන අතරතුර හොඳින් අදුණන කෙනෙක් මෙන් සමීපව දොඩමලූවෙමින් කිසිම සැකයක් නොමැතිව සීදූව හංදිය කරා පැමිණ එම දෙදෙනා අපි ඔන්න ඔහේ ලියනගේමුල්ලටම යමු මචං කියා පවසා පිට තට්ටුකර පවසා ඇත. තව ටිකක් හයර් එක දික්වන මොහොතක හඳපිරි ප්‍රිතියෙන් රියදුරු තම ටුක් ටුක් එක පදවා ගෙන ගොස් ඇත.
ලියනගේමුල්ල ප්‍රදේශයේදී පැමිණි දෙන්නා එකවරම මචං ජයලත් හෝල් එක ලගින් වමට දාලා හයිවේ එක ලගට යමු කියා ඇත.

එලෙස යන අතරතුර සෙන්තොමස් පාසල පාස්වනවා සමගම පාලූ ප්‍රදේශයකදී හා මේ හරියෙන් දාලා යන්න කියා එක් අයෙක් වීල් එකෙන් බැස ගාන කීයද කියා අසා ඔහුගේ අතේ තිබූ බෑගය විවෘත කර එහි සගවා තිබූ උල් පිහියක් ගෙන රියදුරුගේ ඛෙල්ලට තබා මාලය ගලවා දෙන ලෙස පවසා ඇති අතර අනිත් කෙනා රියදුරු අත තිබූ පොන් එක උදුරාගෙන ඇත. ඉන් නොනැවතී මුදල් පසුම්බියද අරගෙන වීල් එකෙන් රියදුරුව එළියට ඇඳ දමා එක් අයෙක් ත්‍රී රෝද රථය එකවරම හරවාගෙන බිම සිටි කෙනාද නන්වාගෙන පලාගොස් ඇත. කිසිදෙයක් කරකියා ගන්න බැරිතරමට තිගැස්සී සිටි රියදුරු මද වේලාවකට පසු ප්‍රධාන මාර්ගයට පැමිණ එම මාර්ගයේ ත්‍රී රෝද රථගාලේ අයට මෙම විස්තරය පවසා සීදූව පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් දමා ඇත.

පසුව වහා ක්‍රියාත්මක වූ සීදුව පොලීසියේ නිලධාරීන් විසින් එදිනම පස්වරුවේම ඇවරිවත්ත ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ ත්‍රී වීල් එක සොයා ගෙන ඇත. මේ වන විට මෙම මංකොල්ලය කෑ සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ පරීක්ෂන අරභා ඇත.

මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් මත සීදූව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඒ.ආර්.එස්. කෝසල ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශණ, උප පොලිස් පරික්ෂක රණතුංග, පොලිස් සැරයන් 33256 කුමාරදාස, පොලිස් සැරයන් 57431 මහින්ද, පොලිස් කොස්තාපල් 60302මංජුල, පොලිස් කොස්තාපල් 72566 හේරත්, පොලිස් කොස්තාපල් 79888 තිලකරත්න, යන අය විසින් සිදුකර කරන බව සීදූව පොලීසියෙන් අනාවරණය වේ.

නිශ්ශංක – සීදුව