හය හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළ ව්‍යාපාරිකයා නිදැල්ලේ: කොළඹ විරෝධතාවයක් (සේයා රූ)

0
77
ලාබාල දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර එය වීඩියෝගත කළ ව්‍යාපාරිකයකු පිළිබඳව

පොලිසියට පැමිණිලි කළද මේ දක්වා කිසිදු නිත්‍යානුකුල පියවරක් නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ විසින් අද (19) සවස විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

එම උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්විනි.

එහිදී ළමා අපචාරවලට එරෙහිව හා පොලීසිය, ළමාරක්ෂක අධිකාරිය ඇතුළු බලධාරින් විසින් සිය වගකීම ඉටු නොකිරීම පිළිබඳ විරෝධය පළ කරනු ලැබිය.

 

‘පරීක්ෂණ යටපත් වෙලා’

සය හැවිරිදි බව විශ්වාස කෙරෙන කුඩා දැරියකට ලිංගික අපයෝජනයක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වීමත් සමඟ පසුගිය දා ඒ පිළිබඳව මහත් ආන්දෝලනයක් හටගත්තේය.

විශේෂයෙන් ම එයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන මෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රබල හඬක් මතුවිය.

එහෙත් ඒ සම්බන්ධයෙන් හඬ නගන ක්‍රියාධරයන් සහ නීතිවේදීන් පවසන්නේ එම දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා හෝ කණ්ඩායම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වභාවයක් හෝ කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක නොවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බවය.

මේ සම්බන්ධයෙන් විරෝධය පළකර මාදිවෙල, තලවතුගොඩ පාරේ, අංක. 330 ස්ථානයේ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් භාරදීම අද (19)  පෙරවරුවේ සිදුකර තිබිණ.

අද පස්වරුවේ පැවති විරෝධතාවයේ සේයා රූ  පහත පළවේ.

Protect Children 1

theleader.lk