හරිස්චන්ද්‍ර බාලිකා තූර්යවාදක කණ්ඩායම

0
472

haris girls bandමීගමුව ප්‍රදේශයේ ප්‍රධානතම බෞද්ධ විදුහල වන හරිස්චන්ද්‍ර විද්‍යාලය මේ වන විට අධ්‍යාපනික අංශයෙන් මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණෙමින් සිටින පාසලකි. එම නිසාම පසුගිය දින කිහිපය තුල හරිස්චන්ද්‍ර ජාතික පාසල පිලිබදව ලිපි පලකලෙමු. එලෙසම මේ ලිපිය ලියන්නේ එම පාසලේම බාලිකා තූර්‍ය වාදක කණ්ඩායම ගැනයි.

1960 වසරේ ආරම්භ කරන ලද මෙම තූර්‍ය වාදක කණ්ඩායම ආරම්භ කරන විට එය සතුව තිබුනේ සයිඩ් ඩම් 3ක් හා මෙලෝඩිකා 12 ක් පමණි.
.එම ආරම්භයෙන් පසු 1980 වසරේ සිට 1992 වසර දක්වා කොට්ටාස ක්‍රිඩා උළෙලේ නියාමක තූර්‍ය වාදක කණ්ඩායම ලෙසද මීගමුව හා කටුනායක ප්‍රදේශවල රාජ්‍ය නායකයන් හා විධායක ජනාධිපතිවරුන් පිලිගැනීම එවකට පැවති උත්සව වල තූර්‍ය වාදක කණ්ඩායම ලෙසද  මෙම තූර්‍ය වාදක කණ්ඩායම සම්බන්ද වී ඇත.

ද විදුහලේ වර්ථමාන විදුහල් පතිතුමන්ගේ පැමිණීමත් සමගම 2001 වසරේදී මෙම තූර්‍යවාදක කණ්ඩායමට අධිත භාණ්ඩ ලබා දීමට කටයුතු කලේය.ඉන්පසු තූර්‍යවාදක කණ්ඩායම නවීන අධි සංගීත භාණ්ඩ සහිත තූර්‍ය වාදක කණ්ඩායමක් ලෙස මෙ වන විට ඉදිරියට යමින් සිටී.

ජෝන් ටාබට් මළල ක්‍රීඩා උළෙලේ නියාමක තූර්‍ය වාදක කණ්ඩායමක් ලෙස සහභාගී වන මෙ තූර්‍ය වාදක කණ්ඩායම මේ වන විට සමස්ථලංකා තූර්‍යවාදක කණ්ඩායම් අතර 14වන ස්ථානයද හිමි කරගෙන  සිටී.
එලෙසම මීගමුව කලාප තූර්‍යවාදක කණ්ඩායම් අතරින් අනුශූරතාවය දිනා ගැනීමටද සමත්වී ඇති කණ්ඩායමේ භාරකාරිත්වය දරන්නේ විශාරද ප්‍රියංකා කුමුදුණී මහත්මියයි. පාසලේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍ය නායිකාවක හා ක්‍රීඩා නායිකාව වන හර්ෂි මෙන්ඩිස් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නීය.

මේ වන විට නැවතත් වරක් පාසලේ ආදිශිෂ්‍ය කණ්ඩායම විදුහල්පතිතුමන්ගේ උපදෙස් පරිදි තූර්‍යවාදක කණ්ඩායමට නවීන සංගීත භාණ්ඩ ලබා දීමට කටයුතු කර ඇත. එලෙසම විශේෂයෙන් මේ වසරේ මැද භාගයේදී පාසලේ තූර්‍යාවාදනයේ දක්ෂතාවයන් තවත් පකට කරනු පිණිස “හරිස්චන්ද්‍රියන්  බ්‍රාස් ” නමින් සංදර්ශණයක් කිරීමටත් පාසල සියළු කටයුතු සූදානම්කරමින් සිටී
ඡායාරූප – ජානක මනෝහර පෙරේරා