හරිස්චන්ද්‍ර විදුහලෙන් ස්වර්ණ අභිමාන සම්මාන උළෙලක්

0
403

haris awards

 

කලාපයේ වැඩිම ගණිතය සමත්වීමේ ප්‍රතිශතයක් එනම් 81%ක් ලබා ගනිමින් 2015 වසරේ හරිස්චන්ද්‍ර ජාතික පාසල ලබා ගත් ගුණාත්මක සාමාන්‍යපෙළ ප්‍රථිඵල සදහා දායක වූ ගුරුභවතුන් ඇගයීමේ අභිමානවත් උත්සවයක් මේ මස 08 වන දින එම පාසලේදී පවත්වනු ලැබිණී. එම අවස්ථාවේදී ගුරුභවතුන් 30 දෙනෙක්  ස්වර්ණ අභිමාන සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

හරිස්චන්ද්‍ර ජාතික පාසල් වාර්ෂික වැඩසටහන් අතරට අළුතෙන් එක්වූ මෙම ස්වර්ණ අභිමාන සම්මාන උළෙල විදුහල්පති ඩී.බී.කීර්ති ද අල්විස් මහතාගේ සංකල්පයකට අනුව එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.එලෙසම සෑම වසරකම මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලෙසත් එතුමා උපදෙස් ලබා දී ඇත. එලෙසම ඉදිරියේදී පාසලේ අභිමානවත් ත්‍යාග ප්‍රධාන උත්සවය, හරිස්චන්ද්‍ර පුත්‍ර හා වර්ණ සම්මාන උළෙලවල්ද මේ වසරේදී පැවැත්වීමට නියමිතය.

එදිනම පාසල් සංවර්ධන සමිතිය ඉතාමත් විනයානුකූල ලෙස හා ගාම්භීර ලෙස පැවැත්වූ අතර පසුගිය වසරේ නිළ මණ්ඩලයම මේ වසරේදීත් නැවත් පත්වූ අතර ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජ්‍ය සභාපති, ලේඛම්වරුන් හා භාණ්ඩාගාරික යන අයද කමිටු සාමාජිකත්වයට තෝරා පත් කර ගෙන ඇත. සංවර්ධන සමිති භාණ්ඩාගාරිකධූරයට ගණකාධිකාරී හා වානිජවේදී උපාධිධාරිණී මංජුලා පනාන්දු මෙනවිය තෝරා පත් කර ගෙන ඇත.

ශිෂ්‍යනායක කමිටු පධානී නාමලී බස්නායක මහත්මිය.

 

 

නියෝජ්‍ය විදුහල්පතිනි ලලනි බාලසූරිය මහත්මිය

ජායාරූප –  ජානක මනෝහාර පෙරේරා