හරිස්චන්ද්‍ර විදුහලේ ආදි සිසුන් පිරිසක් සිසුවෙකුට බිමදාගෙන පහර දීලා…?

0
103

GOONS_BIKEY.ZOMBIE.COV.webහරිස්චන්ද්‍ර විදුහලේ ආදි සිසුන් පිරිසක් අද සවස මීගමුවේ එක්තරා පුද්ගලික අධ්‍යාපන ආයතනයකට පැමිණ සිටි සිසුවෙකුට ඒ ආයතනය ඉදිරිපිටට පැමිණ අද සවස 5 ට පමණ පහර දි ඇත.
මේ පිරිස සදහා අට දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ ඇත. ජිව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන පහර කෑමට ලක්වු සිසුවා මෙවර අපොස උසස් පෙල විභාගයට පෙනිසිටීමට නියමිත කටුනේරියේ පදිංචිකරුවෙකි.
මේ අධ්‍යාපන ආයතනය ඉදිරිපිටදී පෙරලාගෙන පහර දි ඇත්තේ හෙල්මට් වලිනි. මෙම පහර කෑම නිසා සිසුවාගේ ඇදුම් පවා ඉරි ගොස් ඇති අතර හිසට එල්ලවි ඇති හෙල්මට් පහරවල් නිසා හිස ඇතුලෙහි දැඩිවේදනාවකින් පිඩාවිදිමින් සිටි ඔහුව මීගමුව රෝහලට ඇතුලත් කිරිම සදහා අදාල ගුරු භවතුන් පියවර ගනිමින් සිටියෝය.
යතුරු පැදි 4 කින් පැමිණ සිටි මේ මැරයන්  7 දෙනෙකුම හැද සිටියේ සුදු ඇදුම්ය. එයට හේතුව ලෙසින් දැනගන්නට ලැබුනේ හරිස්චන්ද්‍ර විදුහලේ 2010 වසරේ උසස් පෙළට වාඩි වු සිසුවෙකුගේ අද පැවැති අවමඟුලට සහභාගි විමෙන් පසු මේ පිරිස පැමිණ ඇති බවකි.
මේ පිරිසේ සිටි එක් අයෙකු පමණක් රෝස පාට කමිසයක් ඇද සිටි අතර උපැස් යුවලක්ද පැලද සිටියේය. ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කොළඹ පාර දිගේ කුරණ දෙසට ගමන් කර ඇති අතර ඉතිරි 6 දෙනාෙග් යතුරු පැදි බෝලවලානේ සරත් ගුණරත්න මාවත ඔස්සේ කුරණ දෙසට පළා ගොස් තිබේ.
මේ අය  TH 6089,WM 2492,GM 5082 අංක දරන යතුරු පැදි වලින් පැමිණ  තිබුණි.
මෙවැනි මැර ප්‍රහාර නිසා මීට පෙර අවස්ථා කිපයකදිම පුද්ගලයන් මරණයට පවා පත්ව ඇත. මීට මාස කිපයකට  පෙර මුන්නක්කරයේ ධීවරයෙකු මරණයට පත්ව තිබුනේ කිසියම් පිරිසක් විසින් මෙසේ හෙල්මට් වලින් හිසට පහර එල්ල කර තිබු නිසාය.
අසල සිටි පිරිස් එක්වි මේ සිසුවා බේරා නොගත්තේ නම් ඒ එල්ල වු හෙල්මට් පහරවල් නිසා දරුණු ජිවිත අවධානමකට ලක්වන්නට ඉඩ තිබුණි.
මෙවන් මැරයන් හට උපරිම දඩුවම් දීම මත පමණක් මේ ජඩකම් පාලනය කළ හැකි වනු ඇත.
හරිස්වන්ද්‍ර විදුහලේ සිසුන් මීට පෙර අවස්ථා කිපයකදිම සා.පීතර විදුහල ඉදිරිපිටටම පැමිණ සිසුන්ට පහර දුන් අවස්ථා ගණනාවක්ම ඉතිහාසයට අයත් බව තතු දන්නා ගුරු බවතෙකු මීපුරට පවසා සිටියේය. දැන් මේ ඇතැම් ආදි සිසුන්ගෙන් සිදුවන්නේ ඒවාෙය්ම දිගුවන් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.