“හරිහඳ බොදු නඳ 2016” මේ මස 27 වනදා…

0
78

“හරිහඳ බොදු නඳ 2016” මහා සියක් නම දානය මේ මස 27 වන දින හරිස්චන්ද්‍ර ජාතික පාසල් භුමියේදී පැවැත්වේ.පළමු වසරේ සිට 13 වන වසර දක්වා පන්ති කාමර 98ක සහ ප්‍රධාන ශාලාවේ තවත් මහනායක හිමියන් තිස්නමකට පිදෙන සාංගීක දානය අතිමහත් භක්තියෙන් සිදුවීමට නියමිතය.සෑම දරුවෙකුම බෞද්ධ සිරිසත් විරිත් ප්‍රගුණ කිරීම හා බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන අයුරින් සියළු දේ සංවිධනය වේ.

ගරු විදුහල්පති තීර්තිද අල්විස් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ මේ වැඩසටහන මෙවර පවත්වන ලබන්නේ 14වන වතාවට වීමද විශේෂත්වයකි. මේ සදහා ඔබ සියළු දෙනාගේ සහභාගීත්වයද බලාපොරොත්තු වේ.

 

 

ජානක මනෝහර පෙරේරා.