හරීන් ‘හඬපට’ ගේම ගැන කෙලින් කථාකරයි ! විපක්ෂ නායක සජිත් මඟහරයි !

0
68

හරින් ප්‍රනාන්දු 1රන්ජන්ගේ හඩපට අර්බුදය දේශපාලන සමාජය තුල තිරාණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්වෙමින් ඇත්තේ ඒ ඒ අයගේ දේශපාලන භාවිතය ගැන ලිට්මස් පරික්ෂණයක්ද මතුකර තබමිනි.
මේ අරභයා විශේෂයෙන්ම එජාප දේශපාලකයන් විසින් මේ පිළිබදව ගනිමින් සිටින ස්ථාවරය වඩාත් වැදගත් වේ.

මේ ගැන මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සිය අවධාරණයන් මෙසේ ලකුණු කොට තිබේ.
”වෙන දෙයක් තියා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් පෙනී හිටි නීතිඥවරයාගෙනුත් කටඋත්තර අරන්. මෙන්න පැතූ වෙනස. 69 ලක්ෂයට සතුටු ද කියලයි අහන්න වෙන්නේ. මේ පරණ එක අලූත් මුහුණකින් ඇවිත් තියෙන බවයි පෙනෙන්නේ. අලූත් ආරංචිය හඬපට හඬ කවල පෙන්වන එකයි.

ඊයේ රන්ජන් රාමනායක මහතා හමුවූ අවස්ථාවේ එතුමා කිව්වා පැයකට දාන්න පුළුවන් ද පැයකට දාන්න පුළුවන්ද කියල අහන හඬපටයේ ගෝඨාභය කියන වචනය බට් කරල කියල. ඔහු කියා ඇත්තේ වෙන නමක්ලූ. මේවා පැහැදිලි නියම ගේම් ටිකක් සෙට් වෙමින් තියෙනවා. ”
එක පිරිසකට  ඕන පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරල අපි එතැන තියලා අපේ කට වස්සන එකයි. රන්ජන් ගේ හඬපටයයි පක්ෂයේ අර්බුදයයි පෙන්නලා අපි එතැන තියන්න හදන්නේ. අපි  ඕකට අහුවෙන්නේ නැහැ. අපේ ඉදිරි වැඩ පිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා. ’’ යැයි ද හරින් ප්‍රනාන්දු කියා සිටියේය.

හරීන් ප්‍රනාන්දු සිය  ස්ථාවරය මෙසේ ලකුණු කොට තබද්දි සිය දේශපාලන බලවේගයේ නායකයා හෙවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය හමුවේ කියා සිටියේ අනේ මම නම් රන්ජන් ගැන කථාකරන්නවත් කැමති නෑ වගේ ප්‍රකාශයකි.
රාජපක්ෂ රෙජිමය සිය දේශපාලන පළිගැනිම් එක පෙළට තබමින් වික්ෂය අවුල් කරමින් තිබියදි විපක්ෂ නායකයා ගත යුතුව ඇත්තේ දේශපාලන ස්ථාවරයකි.
එහෙත් මන් සුදනෙකු සේ පෙන්වා සිටින්නට යන සජිත්ගේ ස්ථාවරය වන්නේ අනේ අපි නම් ඕවට නෑ වැනි අදහසකි.
එවැන්නෙකුට කිසිසේත්ම රාජපක්ෂලාට එරෙහිව සක්‍රිය දේශපාලන සන්ධානයක් ගොඩනැගිය නොහැකි බව නම් ඉතා පැහැදිලිය.
රාජපක්ෂ රෙජිමයට එරෙහිව දැවැන්ත දේශපාලන බලවේගයක් 2009 යේ සිට ගොඩනැගිමට මුල්ව ක්‍රියාකළ මනෝගනේෂන් වැන්නෙකු ගේ වත්මන් දේශපාලන භාවිතාවද සජිත්ගේ ගාණට කැපි තිබිම සැබැවින්ම කණගාටුදායකය.
2009 වසරෙදි රාජපක්ෂලාට එරෙහිව ජන බලය පෙළගස්සවන්නට පැත්ත පාළාතකට නොපැමිණි , එමෙන්ම හම්බන්තොටට මනෝගණේෂන්ලා වැනි අයට දේශපාලන රැස්විම් තබන්නට ඉඩනොදෙන තත්වයන් වක්‍රාකාරයෙන් ගොඩ නැගු සජිත් වැන්නෙකුගෙන් සන්ධානයක නායකත්වයක් පතන්නේ නම් මනෝලාගේ දේශපාලනය කැපි ඇති ගානද දැන් තවත් පැහැදිලි වෙමින් තිබේ.